සබරගමුවේ ෆාමසි හැර සියළු කඩ රෑ 7 ට වහන්න : ටිකිරි දන්වයි !

සබරගමුවේ ෆාමසි හැර සියළු  කඩ රෑ 7 ට වහන්න  : ටිකිරි දන්වයි !

සබරගමු පළාතේ ෆාමසි හැර සියළුම වෙළඳසැල් රාත්‍රි 7න් පසු වසා දැමීමට කටයුතු කරන ලෙස සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව  පළාත් බලධාරීන් වෙත අද (11) දන්වනු ලැබීය.

ආණ්ඩුකාරවරයා  මේ බව දැනුම් දුන්නේ අද  ZOOM තාක්ෂණය ඔස්සේ සබරගමුව පළාතේ සෞඛ්‍ය අංශ, රාජ්‍ය ආයතනවල ප්‍රධානීන් සමඟ පැවති රත්නපුර දිස්ත්‍රික් COVID 19 මර්ධන කමිටුව සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුවය.

මෙම කමිටුවට සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව, ප්‍රධාන ලේකම් රංජනී ජයකොඩි, රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම සහ  සෞඛ්‍ය අංශ, රාජ්‍ය ආයතන හා අත්‍යවශ්‍ය සේවා සපයන ආයතන ප්‍රධානීන් එක්ව ඇත.

රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්ක දෙකෙහි  වාහන බලපත්‍ර අවලංගු වීමේ කාල සීමාව ජුනි 30 දක්වා දීර්ඝ කිරීමට ද සබරගමු පළාත් ආණ්ඩුකාරවරයා මෙහිදී පියවර ගනු ලැබීය.

අත්‍යාවශ්‍ය මහජන සේවාවන් නොවන සබරගමු පළාතේ කාර්යාල වසා දැමීමට ද ඒ මහතා බලධාරීන් වෙත දැනුම් දෙනු ලැබීය.PCR පරික්ෂණ වැඩි වශයෙන් සිදු කෙරු ප්‍රදේශ වල එම PCR පරික්ෂණවල වාර්තා ලැබෙන තෙක් හෝ සංචරණ සීමා කිරීම සඳහා හුදකලා කරන ලෙස ද ආණ්ඩුකාරවරයා  බලධාරීන් වෙත දන්වනු ලැබීය.

සති අන්තයේ (මැයි 14,15,16) අත්‍යාවශ්‍ය වෙළඳසැල් හැර අනෙකුත් සියලුම වෙළඳසැල්( රෙදි සාප්පු, කොමියුනිකේෂන්, සැලෝන්, ගොඩනැඟලි ද්‍රව්‍ය අලෙවි ස්ථාන වැනි) වසා දැමීමට මෙහිදී තීරණය කෙරුණි.

COVID 19 රෝගය බහුලව වාර්තා වන ග්‍රාම නිලධාරී වසම් හුදකලා කිරීමට කඩිනමින් පියවර ගන්නා ලෙස සබරගමු පළාත් ආණ්ඩුකාරවරයා මෙහිදී සඳහන් කළේය.

පුස්තකාල, කියවීම් ශාලා, ළමා උද්‍යාන ආදිය නැවත දැනුම් දෙනු තුරු වසා තැබීමට ද, අදාල ප්‍රාදේශීය කොරෝනා කමිටුවේ තීරණයන්ට අනුව සති පොළ විවෘතව තැබීම පිළිබඳ තීරණ ගැනීම හා එහිදී අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අලෙවිය සඳහා පමණක් සතිපොළ වෙළදාම සීමා කිරීමට ද මෙහිදී තීරණය විය.

මූලාශ්‍රය – Media Unit Sabaragamuwa

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න