කොරෝනා නීති කැඩු පිළියන්දල - මාවිත්තර සුපිරි වෙළෙඳහලට වැඩ වරදි

කොරෝනා නීති කැඩු පිළියන්දල - මාවිත්තර සුපිරි වෙළෙඳහලට වැඩ වරදි

හුදකලා නීති ගණනකට නොගෙන පිළියන්දල මාවිත්තර ප්‍රදේශයේ සුපිරි වෙළඳසලක කොරෝනා නීති උල්ලංඝණය ගණන් නොගෙන සේවය කළ සේවක සේවිකාවන් තිස් දෙදෙනකු නිරෝධානය කිරීමට පියවර ගත් බව පිළියන්දල පොලිසිය කියයි .

එම වෙළඳසැල වසාදැමීමට උපදෙස් ලබාදුන් බව පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ගොරකපිටිය මහජන සෞඛ්‍ය පරීක්ෂක දිලූප ජයවර්ධන මහතා පැවසීය

මාවිත්තර ප්‍රදේශය හුදෙකලා කිරීමෙන් අනතුරුව අන්තර්ජාලය ඔස්සේ ලැබෙන ඇණවුම් ගෙයින් ගෙට ගොස් බෙදා දීමට පමණක් සෞඛ්‍ය අංශ මගින් මෙම වෙළඳසල වෙත අවසර ලබාදී තිබු බව පොලිසිය කියයි

සේවක සේවිකාවන් දොළොස් දෙනකුගෙන් සමන්විත අවම කණ්ඩායමක් පමණක් යොදාගෙන එලෙස සිදු කිරීම සඳහා අවසර ලබා දී තිබිණි

එම වෙළෙඳසැලේ කළමනාකරු විසින් ලබාදී තිබු උපදෙස්වලට පටහැනිව අලුතින් සේවක සේවිකාවන් බඳවා ගෙන ,සෞඛ්‍ය නිර්දේශ මෙන් පි සි ආර් පරීක්ෂණ ද සිදු නොකර මෙලෙස තරුණ තරුණියන් සේවයේ යොදවා සිටියදී වැටලීම සිදුකිරීමට හැකියාව ලැබුණු බව පිලියන්දල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සනත් රංජිත් මහතා පැවසීය.

ලංකාදීප

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න