කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් රට සම්පූර්ණයෙන් වසා දැමීමට කිසිඳු තීරණයක් ගෙන නොමැති බව කොරෝනා මර්දන ජනාධිපති කාර්‍ය සාධක බලකා ප්‍රධානියා වන හමුදාපති යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා පවසයි.
ඔහු සඳහන් කර සිටියේ එසේ වුවත් පළාත් අතර සංචරණ සීමා පැනවීමට ඉදිරියේදී කටයුතු කළ හැකි බවයි.
එසේම වෙළෙඳසැල් වසා දැමීමට කටයුතු නොකරන බවත් අත්‍යාවශ්‍ය භාණ්ඩ නිරන්තරයෙන් ලබා දීමට කටයුතු කරන බවත් පැවසූ හමුදාපතිවරයා සඳහන් කර සිටියේ ඉදිරියේදී එන්නත් ලබා දීම සඳහා යුධ හමුදාව යොදවා ගනිමින් එය කඩිනම් කිරීමටද කටයුතු කරන බවයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
