මේ ආණ්ඩුවේ නම බේරාගන්න සටනක් නෙවෙයි : ජනතාවගේ ජීවිත බේරගන්න සටනක් - හිටපු අගමැති

මේ ආණ්ඩුවේ නම බේරාගන්න සටනක් නෙවෙයි : ජනතාවගේ ජීවිත බේරගන්න සටනක් - හිටපු අගමැති

මෙරට කොරෝනා වසංගත ව්‍යාප්තිය සම්බන්ධව ලැබෙමින් ඇති වාර්තා ඉතාම බරපතළ බැවින් වහාම  ජනාධිපතිතුමාත්, කැබිනට් ඇමතිවරුත්, රටේ  ජනතාව මෙම වසංගතයෙන් රැකගැනීම වෙනුවෙන් අවශ්‍ය පූර්ණ බලතල කැබිනට් මණ්ඩලයට ගෙන ක්‍රියාත්මක වියයුතු බව හිටපු අග්‍රාමාත්‍ය, එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ අවධාරණය කරයි.

ඔහු මේ බව සඳහන් කරන්නේ අද (10) විශේෂ නිවේදනයක් නිකුත් කරමින් වන අතර  කොවිඩ් පාලනයට පත්කර ඇති කමිටු අසාර්ථක වී ඇති බවත් ඒවා සම්බන්ධව ජනතාවට ඇති විශ්වාසය ගිලිහී ඇති බවත් එහි පෙන්වාදී ඇත.

"ආණ්ඩුවේ නම බේරා ගන්න සටනක් නොවෙයි. ඒ වගේම මේක දේශපාලන සටනකුත් නොවෙයි. ඇත්ත වශයෙන්ම මෙය ජනතාවගේ ජිවිත බේරන සටනක්. අපි ආණ්ඩු මාරු කරන්න කියන්නේ නැහැ." යනුවෙන්ද එම නිවේදනයේ සඳහන්කර ඇත.

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහත දැක්වෙයි.

කොවිඩ් 19 රෝගයේ උග්‍ර තත්ත්වයකට අපි අද මුහුණ දීලා තියෙනවා. ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව කඩා වැටෙනවා. කොවිඩ් 19 ව්‍යසනය දැන් ලංකාව පුරාම පැතිරෙනවා. එන්න‍තේ හිගයක් තියෙනවා. ඔක්සිජන් හිඟයක් තියෙනවා. වෙන්ටිලේටර් හිඟයක් තියෙනවා. රෝහල්වල ඇඳන් හිඟයක් තියෙනවා. රෝහල් පිරිලා. දිනෙන් දින මේ කොවිඩ් රෝගය වැඩි වෙනවා. දැන් අපි ඉන්නේ තීරණාත්මක අවස්ථාවක. අපේ වෛද්‍ය උපදෙස්, සෞඛ්‍ය උපදෙස් අනුව දැන් තීරණ ගන්නේ නැති නම් අපි අමාරුවේ වැටෙනවා.

වොෂිංටන් විශ්වවිද්‍යාලයේ Institute of Health Metrics and Evaluation (IHME) ආයතනය නිකුත් කළ නවතම වාර්තාවට අනුව අපේ රටත්, රෝගීන්ගේ සීග්‍ර වර්ධනයේ උපරිමයකට එන්න පුළුවන්. ඒ වගේම දවසකට සියයකට වඩා මිය යා හැකි තත්ත්වයක් ජූනි ජූලි මාසය වෙන කොට එන්න පුළුවන්. ඒ නිසා මේ තීරණාත්මක අවස්ථාවේ අපි ඔක්කොම එකට එකතු වෙලා ක්‍රියා කළ යුතු වෙනවා.

මේක ආණ්ඩුවේ නම බේරා ගන්න සටනක් නොවෙයි. ඒ වගේම මේක දේශපාලන සටනකුත් නොවෙයි. ඇත්ත වශයෙන්ම මෙය ජනතාවගේ ජිවිත බේරන සටනක්. අපි ආණ්ඩු මාරු කරන්න කියන්නේ නැහැ. මේ රටේ ව්‍යවස්ථාව අනුව රටේ වගකීම තියෙන්නේ කැබිනට් මණ්ඩලයටයි.

ජනාධිපතිතුමාත්, කැබිනට් ඇමතිවරුත්, අපේ ජනතාව මෙම වසංගතයෙන් රැකගැනීම වෙනුවෙන් අවශ්‍ය පූර්ණ බලතල කැබිනට් මණ්ඩලයට ගත යුතුයි. කොවිඩ් පාලනයට තියෙන කමිටු අසාර්ථක වෙලා තියෙන්නේ. මෙහි බරපතලකම ගැන කලින් කීවාට එකක්වත් එතනින් ක්‍රියාත්මක වෙලා නෑ. ජනතාවගේ විශ්වාසය නැති වෙලා. අපි කියන්නේ කැබිනට් මණ්ඩලයට මේ බලතල දෙන්න.

ජනාධිපතිතුමා හා කැබිනට් මණ්ඩලය මේ බලතල වහාම බාර ගන්න. මේ සතියෙම පාර්ලිමේන්තු විපක්ෂ නායකයින් සමග කතා කරන්න. එයාලගේ සහයෝගය හා අදහස් ලබා ගන්න. ඔවුනුත් ඒ අවශ්‍ය සහයෝගය ලබලා දෙන්න අවශ්‍යයි. ඉක්මණින් ක්‍රියාත්මක වෙන්න. දැන්මම ක්‍රියාකළේ නැතිනම් ජිවිත ගණනාවක් නැති වෙන්න පුළුවන්. රටේ ජනතාව ගැන අනුකම්පාවක් තියෙනවා නම් කැබිනට් මණ්ඩලය මේ වගකීම අරගන්න. එතන පළපුරුද්දක් තියෙන අය ඉන්නවා. ඒ අනුව ක්‍රියාකරන්න කියලා මම විශේෂ ඉල්ලීමක් කරනවා.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න