එන්නත්කරණය බිස්නස් එකක් කරගෙන : මුරුත්තෙට්ටුවේ හිමිගෙන් චෝදනා !

එන්නත්කරණය බිස්නස් එකක් කරගෙන : මුරුත්තෙට්ටුවේ හිමිගෙන් චෝදනා !

හෙද නිලධාරීන් 70කට අධික පිරිසකට කොවිඩ් වෛරසය වැළඳී ඇතැයි රාජ්‍ය සේවා එක්සත් හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි පවසයි.

මෙම අවදානම නොතකා අනෙකුත් හෙද නිලධාරීන් උපරිමයෙන් තම සේවාව ලබාදීම අගය කළ යුතු බව ද උන්වහ්නසේ කියා සිටියි.

“ශල්‍යාගාරවල, දැඩි සත්කාර ඒකකවල සේවය කර විශ‍්‍රාම ගිය සියලු හෙද නිලධාරීන් දැන් සේවයට කැඳවිය යුතුයි. හෙදියක් පුහුණු කරන්න අවුරුදු තුනක් ගන්න ඕනෑ. පවතින තත්ත්වය හමුවේ සෞඛ්‍ය බලධාරීන් මේ ගැටලුව ගැන සොයා බලන්න ඕනෑ. දැනටමත් හෙද නිලධාරීන් 70 කට වැඩි පිරිසක් ආසාදිතයන් බවට පත්වෙලා.

අනිත් කාරණය කොළඹ එන්නත්කරණය. මම කොළඹ ප‍්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිතුමාගෙන් දෙවැනි එන්නත් මාත‍්‍රාව ලබා දෙන්නැයි ඉල්ලුවා. එතකොට ඔහු කිව්වා එන්නත් නැහැ කියලා. පසුව මං මේ ගැන හොයා බැලුවා. ඒ බලන කොට කොරෝනා එන්නත් මාත‍්‍රා 7328ක් ඉතිරි වී තිබෙන බව හෙළි වුණා. මං එවලේම මේ ගැන කොළඹ නාගරික කොමසාරිස්තුමියට කතා කරලා කිව්වා.

මට දැනගන්න තියෙනවා හිතවත් අයට මේ එන්නත ලබා දෙනවා කියලා. එහෙම කරන්න හොඳ නැහැ. කොළඹ නගර සභා සීමාවේ ජනතාවට පුළුවන් තරමක් හරි ලබා දෙන්න කටයුතු කරන්න. මේ එන්නත ලබාදීමත් බිස්නස් එකක් කරගෙනද සැකයි. ඒ නිසා මේ කරන අසාධාරණ වැඩේ සොයා බලන්න කියලා නාගරික කොමසාරිස්තුමියගෙන් ඉල්ලා සිටිනවා.

(මුලාශ්‍රය - එමනිසා )

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න