පුවත් මූලාශ්‍ර විකුණූ දෙරණ අරුණ මාධ්‍යවේදීයකුගේ වැඩ තහනම් !

පුවත් මූලාශ්‍ර විකුණූ දෙරණ අරුණ මාධ්‍යවේදීයකුගේ වැඩ තහනම් !

කුරුණෑගල ප්‍රදේශයේ මාධ්‍යවේදියකු  විසින් තම ප්‍රවෘත්තිය සනාථ කිරීමට සාක්ෂියක් ලෙස දෙරණ අරුණ පුවත්පතේ මාධ්‍යවේදියකු වෙත වට්ස්ඇප් තාක්ෂණය ඔස්සේ ලබා දෙන ලද රහසිගත දුරකථන සංවාද හඬපටයක් පක්ෂ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හට මුදලට අළෙවි කළ මාධ්‍යවේදියකුගේ සේවය තාවකාලිකව අත්හිටුවීමට දෙරණ අරුණ පුවත්පතේ පරිපාලනය කටයුතු කර තිබේ.

මෙලෙස වැඩ තහනමට ලක්ව ඇත්තේ ------- නම් මාධ්‍යවේදියෙකි.  

සෞඛ්‍ය අංශවලට ප්‍රමුඛස්ථානය දී ලබා දියයුතු කොවිඩ්-19 ආරක්ෂණ එන්නතේ දෙවැනි මාත්‍රාව කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ විසින් තම ඥාහි හිතමිත්‍රාදීන් හට ලබා දී ඇති බවට තහවුරු කෙරෙන දුරකථන සංවාද හඬපටයක් අදාළ මාධ්‍යවේදියා මෙලෙස අළෙවි කොට ඇත.

කුරුණෑගල නගරාධිපතිවරයා මුල් වී සිදුකර ඇති මෙම එන්නත් අවභාවිතය පිළිබඳ පසුගිය දා පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර විසින් පාර්ලිමේන්තුවේ දී හෙළිදරව් කළ අතර, ඊට අදාළ හඬපටය තමා සන්තකයේ ඇති බව ද පැවසීය.

මේ අතර, එම හඬපටය කුරුණෑගල නගරාධිපතිවරයාටද ලබා දී ඇත.  

එම හඬපටය -----ට හැර වෙනත් කිසිදු අයකුට ලබා නොදුන් බව හඬපටයේ හිමිකරු වන කුරුණෑගල ප්‍රදේශයේ මාධ්‍යවේදියා පවසයි. ඒ හේතුවෙන් මේ පිළිබඳ කළ විමර්ශනයක දී හෙළිවී ඇත්තේ ------- විසින් එම හඬපට මෙකී පුද්ගලයන් හට මුදලට අළෙවිකර කරනු ලැබ තිබෙන බවයි. මෙම හඬපට ගනුදෙනුවට අදාළ මුදල් -----ගේ ගිණුමට බැර කළ බැංකු විස්තර ද අනාවරණය වී ඇත.  

කුරුණෑගල නගරාධිපතිවරයාගේ නියෝගයෙන් අදාළ එන්නත් මාත්‍රා තොගය නගරසභාවේ ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ උපදෙස් මත ඔහු යටතේ සිටින වෙනත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකු විසින් එන්නත් කරනු ලැබ ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න