කොරෝනා ගැන තොරතුරක් : මංගලගෙන් අනතුරු ඇඟවීමක් !

කොරෝනා ගැන තොරතුරක් : මංගලගෙන් අනතුරු ඇඟවීමක් !

ශ්‍රී ලංකාවේ කොරෝනා රෝග ව්‍යාප්තිය මේ ආකාරයටම ඉදිරියට ගියහොත් ලබන සැප්තැම්බරය වන විට කොරෝනා මරණ 20,000 කට වැඩි ප්‍රමාණය බලාපොරොත්තු විය හැකි යයි ඇමෙරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් විශ්ව විද්‍යාලය සඳහන් කර තිබෙන බව, හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර  පවසයි.

වොෂින්ටන් විශ්ව විද්‍යාලය අවධාරණය කරන  කරුණ ගැන මෙරට බලධාරීන් වහාම අවධානය යොමු කළ යුතු අතර වසංගතය පාලනය කිරීම සඳහා පැහැදිළි විසඳුම නොදුන්නොත් ශ්‍රී ලංකාවට මාරාන්තික තත්ත්වයට මුහුණ පෑමට සිදුවනු ඇතැයිද මංගල සමරවීර හිටපු අමාත්‍යවරයා  සඳහන් කරයි.

වොෂින්ටන් විශ්ව විද්‍යාලය නිකුත් කර ඇති කොරෝනා සම්බන්ධ වාර්තාව ගැන මෙන්ම ශ්‍රී ලංකාවෙි වත්මන් කොරෝනා තත්වයන් පිළිබඳව වැඩි දුරටත් අදහස් දක්වමින් හිටපු අමාත්‍ය  මංගල සමරවීර  මෙසේද පැවසීය.

ඇමරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් විශ්ව විද්‍යාලය විසින් කොරෝනා වර්තමාන ගෝලීය තත්ත්වය ගැන ඉතා ගැඹුරින් සොයා බලා වාර්තාවක් නිකුත් කර ඇත.

කොරෝනා වසංගතය නිසා ලෝකයේ සෑම රටක්ම මුහුණ පා ඇති තත්ත්වයන් එම වාර්තාවෙන් සොයා බලා ඇති අතර ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ද එම වාර්තාව සඳහන් කර තිබෙන කරුණු ගැන රජය සහ බලධාරීන් වහාම අවධානය යොමු කළ යුතුය.

වොෂින්ටන් විශ්ව විද්‍යාලයේ අදාළ වාර්තාවෙන් කාරණා විශාල ප්‍රමාණයක් ගැන අවධානය යොමුකර ඇතත් ඔවුන් පෙන්වා දෙන වැදගත්ම කාරණය වන්නේ ශ්‍රී ලංකාවේ කොරෝනා රෝග ව්‍යාප්තිය මේ ආකාරයටම ඉදිරියට ගියහොත් ලබන සැප්තැම්බරය වන විට හෙවත් තවත් මාස හතරකින් කොරෝනා මරණ සංඛ්‍යාව 20,000 කට වැඩි ප්‍රමාණයක් බලාපොරොත්තු විය හැකි බවයි.

එවැනි තත්ත්වයකට මුහුණ දීමට රටට කිසිම සූදානමක් නැති බව මේ වන විට පැහැදිලි වන අතර එවැනි මාරාන්තික තත්ත්වයක් නිර්මාණය වීම නතර කිරීම සඳහා රජය තවමත් ප්‍රමාද නැති බව මගේ විශ්වාසයයි.

(මුලාශ්‍රය - ලංකාදීප )

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න