එන පොට හොඳම නැත : පැය 24 ට මරණ 25 ක් !

එන පොට හොඳම නැත : පැය 24 ට මරණ 25 ක් !

මෙරට මේ වන විට සීග්‍ර ව්‍යාප්තියක් පෙන්වන කොරෝනා තෙවැනි රැල්ලේ බිහිසුණු බව කියාපාමින් ඊයේ (05) පස්වරුවේ මරණ 11ක් සහ රාත්‍රියේ මරණ 14ක් වශයෙන් වාර්තා වෙමින්ගෙ වුණු පැය 24ට කොරෝනා මරණ 25ක් වාර්තා වී තිබේ.

ඒ අනුව මෙරටින් වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාව 734ක් දක්වා ඉහළ ගොස් ඇත.

වයස අවුරුදු 35ත් 82ත් අතර අයගේ මරණ මෙසේ වාර්තා වී තිබූ අතර මරණ 14න් 10කටම හේතුව වී ඇත්තේ කොවිඩ් නියුමෝනියා තත්ත්වය බවත් සෞඛ්‍ය අංශ ආරංචිමාර්ග පවසයි.

රෝහල් ධාරිතාව උපරිම මට්ටමට එමින් තිබෙනවා - විශේෂඥ වෛද්‍ය සුදර්ශනී  

මේ අතර ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යවරිය වන විශේෂඥ වෛද්‍ය  සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ පවසන්නේ මෙරට හඳුනාගෙන සිටින කොරෝනා ආසාදිතයින් ප්‍රමාණයට වඩා වැඩි ආසාදිත පිරිසක් සමාජයේ සිටිය හැකි බවය.

අද වන විට මෙරට රෝහල් ධාරිතාව උපරිම මට්ටමට ළඟා වී ඇතැයි ද ඇය පවසයි.

කොරෝනා පරීක්ෂණ සිදුකළ අය එම වාර්තා පැමිණෙන තුරු නිවසෙන් එලියට නොගොස් නිවසටම වී සිටින්නයි ද අමාත්‍යවරිය ජනතාවගෙන් ඉල්ලා සිටින අතර ජනතාව ඉදිරි සති දෙක තුනක කාලය අනවශ්‍ය ලෙස ගමන් බිමන් නොගොස් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුව කටයුතු කළහොත් වෛරස් ව්‍යාප්තිය පාලනය කළ හැකි වනු ඇති බවත් එසේ නොකළ හොත් වෛරසය වේගයෙන් පැතිර යාම පාලනය කිරීම අසීරු විය හැකි බවත් අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කරයි.

මේ දිනවල සිදුකරන කොරෝනා පරීක්ෂණ ප්‍රමාණය ඉහල හේතු නිසා එම වාර්තා ලැබීමේ යම් ප්‍රමාදයක් ඇති වන බවද ඇය තවදුරටත් පැවසුවාය.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න