රජය ගැටළු වලට විසඳුම් නොදී තවදුරටත් මුණිවත රකින්නේ නම් තම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය උත්සන්න කිරීමට කටයුතු කරන බව රාජ්‍ය විශ්වවිද්‍යාල වෘත්තීය සමිති මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබේ.
ඔවුන් පෙන්වා දෙන්නේ මෙම වැඩවර්ජනය හේතුවෙන් රාජ්‍ය විශ්වවිද්‍යාල දෛනික කටයුතු පවත්වාගෙන යාම බරපතළ ලෙස බිඳ වැටී ඇති ඇති බවත් ගැටලු නිරාකරණය කිරීම තවදුරටත් ප්‍රමාද වුවහොත් එම තත්ත්වය විශ්වවිද්‍යාලවල කාර්මික සාමය පවත්වාගෙන යාමට බාධාවක් වනු ඇති බවයි.
වැඩි වැටුප් ඇතුලු ඉල්ලීම් කීපයක් මත විශ්ව විද්‍යාල අනධ්‍යන සේවකයෝ පසුගියදා (පෙබරවාරි 28)සිට අඛන්ඩ වැඩ වර්ජනයක් නිරත වෙති. මේ අනුව දිවයින පුරා සියලුම රජයේ විශ්ව විද්‍යාලයන් හි 15,000 ක් පමන වූ සේවකයන් වැඩ වර්ජනයට එක්ව ඇති බව පැවසේ.
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව හෝ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය මෙම ගැටලුවට මෙතෙක් විසඳුම් ඉදිරිපත් කිරීමට කටයුතු නොකිරීම නිසා සියලු දේශන, විභාග, පුස්තකාල සේවා මෙන්ම පර්යේෂණ කටයුතු ද මේ වන විට ඇනහිට තිබේ.

