මැණික්හින්නේදී අත්අඩංගුවට ගත් තුන්දෙනෙක් ආරක්ෂක අංශ සාමාජිකයින්

මැණික්හින්නේදී අත්අඩංගුවට ගත් තුන්දෙනෙක් ආරක්ෂක අංශ සාමාජිකයින්

මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට ඇඳිරි නීතිය පනවා තිබියදී මැණික්හින්නේ කළහකාරී ලෙස හැසිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති සිවුදෙනාගෙන් තිදෙනෙකු ආරක්ෂක අංශ සාමාජිකයන් බව වාර්තා වේ.

ඉන් එක් අයෙකු මේවනවිටත් ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ රාජකාරියේ යෙදෙන්නෙකු බවත් අනෙක් දෙදෙනා හිටපු යුද හමුදා සාමාජිකයෙකු හා හිටපු නාවික හමුදා සාමාජිකයෙකු බව පැවසේ.

ඊයේ(06) රාත්‍රියේත් පුද්ගලයන් 400 ක පමණ කණ්ඩායමක් මැණික් හින්න ප්‍රදේශයේ කලහකාරී ලෙස හැසිරෙන්නට වූ බවත් හදිසි නීතිය යටතේ පවත්නා නීතිය සහ සාමාන්‍ය නීතිය යටතේ පිරිස පාලනය කිරීමට අහසට වෙඩි තබන්නට සිදුවූ බවත් පොලීසිය සඳහන් කර තිබුණි.

නීතිය හා සාමය කඩ කරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම ඇතුළු සුවිශේෂ බලතල රාශියක් ත්‍රිවිධ හමුදාවට සහ පොලිසියට පවරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ(06) දහවල් 2.45 සිට ක්‍රියාත්මක වන පරිදි රට තුළ හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කර තිබුණි.

 ඒ අනුව ජීවිත හානි සිදු කිරීම, තුවාල සිදු කිරීම, ලිංගික හිංසනය, දේපොළවලට හානි කිරීම, කොල්ලකෑම, ජාතීන් අතර පවතින සමගියට බාධා වන ආකාරයේ තොරතුරු ප්‍රකාශයට පත් කිරීම, එවැනි කතා දේශන පැවැත්වීම, එවැනි ලිපි පල කිරීම, එවැනි තත්ත්වයක් ඇති වන ආකාරයට සමාජ මාධ්‍ය භාවිත කිරීම ආදිය මෙම රෙගුලාසි යටතේ ගැණෙන වැරදි බවට ප්‍රකාශයට පත් කර තිබෙන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී නීතීඥ රුවන් ගුණසේකර සඳහන් කර තිබුණි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න