රට පුරා හදිසි නීතිය පනවයි : කලහකාරීන් අල්ලන්න විශේෂ බුද්ධි මෙහෙයුමක්

රට පුරා හදිසි නීතිය පනවයි : කලහකාරීන් අල්ලන්න විශේෂ බුද්ධි මෙහෙයුමක්

දින දහයක කාලයක් සඳහා රට පුරා හදිසි නීතිය පැනවීමට ආණ්ඩුව තීරණය කර ඇති බව වාර්තා වෙයි.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද (06) පැවති විශේෂ අමාත්‍ය මණ්ඩල හමුවකදී මෙම තීන්දුව ගෙන ඇත.

තෙල්දෙණියේ ප්‍රහාරයට පිට ප්‍රදේශවලින් ඇවිත් : නම් ලැයිස්තු පොලිසියේ

මේ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් තෙල්දෙණිය ප්‍රදේශය සඳහා පිටත් කර හැරීමට කටයුතු කළ බව පොලිස් නිල ආරංචිමාර්ග තහවුරු කර සිටියි.

ඒ එම ප්‍රදේශයේ ඇතිවූ තත්ත්වය පිළිබඳ විශේෂ විමර්ශනයක් සිදුකිරීම සඳහාය.

එසේම බෞද්ධ අන්තවාදී සංවිධාන කිහිපයක් විසින් සංවිධානය කළ තරුණයින් පිරිසක් තෙල්දෙණියේ කෝලාහලය සඳහා සහභාගී වී ඇති බවට අනාවරණයවී ඇති බවද වාර්තා වෙයි.

ආරක්ෂක අංශ ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට මේ වන විටත් අදාළ කෝලාහලය සඳහා සහභාගීවූ එම පිරිස් සම්බන්ධ තොරතුරු රැසක් විමර්ශන කණ්ඩායම් වෙත ලබාදීමට බුද්ධි අංශ කටයුතු කර තිබෙන බවත් ඉදිරියේදී එම පිරිස් අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇත.

ජාතිවාදයෙන් රට අස්ථාවර කිරීමේ සැලැස්මක්

එසේම මේ වන විට අම්පාරේ සහ තෙල්දෙණියේ සිදුවීම් යොදාගෙන රට අස්ථාවර කිරීමේ සැලසුම් සහගත උත්සාහයක් පවතින බවට බුද්ධි අංශ අනාවරණය කරගෙන ඇති අතර එම තත්ත්වය මැඩලීම සඳහා රටේ සියළු පොලිස් බල ප්‍රදේශ ආවරණය වන ආකාරයට විශේෂ ඒකාබද්ධ බුද්ධි අංශ මෙහෙයුමක් දියත් කර ඇති බව වාර්තා වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න