ගස් හෙළීමේ පනතට පොල් ගසද ඇතුළත් කළයුතු බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය පවසයි.
මේ සම්බන්ධයෙන් පසුගිය ආණ්ඩුව මෙන්ම වත්මන් ආණ්ඩුව කිහිප අවස්ථාවක දැනුවත් කළ ද නිසි විසඳුම් ලැබී නොමැති බව එහි කැඳවුම්කරු නාමල් කරුණාරත්න පවසයි.
මෙරට පොල් අවශ්‍යතාව සම්පූර්ණ කිරීම සඳහා වසරකට පොල් ගෙඩි මිලියන 3,700ක් අවශ්‍ය වන අතර මේ වනවිට මෙරට වාර්ෂික පොල් නිෂ්පාදනය මිලියන 2,400ත් 2,500ත් අතර අගයක් ගන්නා බව නාමල් කරුණාරත්න පවසයි.
මීට ප්‍රධාන හේතුව කිසිදු අවසරයක් නොමැතිව පොල් ගස් කපා දැමීම බව ඔහු පවසයි.
එම නිසා පොල් මෙන්ම පොල් ආශ්‍රිත නිෂ්පාදන ද මේ වනවිට ආනයනය කිරීමට සිදුවීම නිසා ජනතාව ගැටලු රැසකට මුහුණදී ඇති බව නාමල් කරුණාරත්න පෙන්වා දෙයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
