Image

හිටපු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චි අත්අඩංගුවට

හිටපු  මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චි අත්අඩංගුවට

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චි කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

කොළඹ අපරාධ කොට්ඨාසයට ලද තොරතුරක් මත එම කොට්ඨාසයේ නිලධාරින් කණ්ඩායමක් විසින් කැස්බෑව මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් ප්‍රකාරව අද (16) උදෑසන පිළියන්දල පොලිස් වසමේ මාම්පේ ප්‍රදේශයේ පිහිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන චන්දන කත්‍රිආරච්චිගේ නිවස පරික්ෂාවට ලක් කර ඇත.

එම පරීක්ෂා කිරීමේදී ජීව අත්බෝම්බයක්, ටී 56 වර්ගයේ මැගසින් දෙකක්, ටී 56 ජීව පතරොම් 221 ක්, 0.22 වර්ගයේ පතරොම් 103 ක්, 84S වර්ගයේ ජීව පතරොම් 31 ක් සහ හිටපු මන්ත්‍රීවරයාට අයත් වගා ඉඩමක් සඳහා නිකුත් කර තිබූ බෝර 12 වර්ගයේ ගිනි අවියක් සොයා ගෙන ඇත.

කොළඹ අපරාධ කොට්ඨාසය මගින් වැඩිදුර විමර්ශන සිදු කරන බව  පොලීසිය වැඩිදුරටත් පවසයි.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න