පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීමට අදාළ යෝජනාවක් කැබිනට් රැස්වීමට ඉදිරිපත් කරනු ලබූ බව වාර්තා වෙයි.
රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා විසින් අදාළ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබූ බව ද වාර්තා වේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී කැබිනට් මණ්ඩලය රැස්වූ අතර, එහිදී ඇමැතිවරයා මෙම යෝජනවා ඉදිරිපත් කර ඇත.
ඒ පිළිබඳව අධ්‍යයනය කිරීමට කල් අවශ්‍ය බවට ඇමැතිවරුන් කීපදෙනකු ප්‍රකාශ කිරීම නිසා, යෝජනාව සාකච්ඡාවට ගැනීමට සතියකින් කල් දැමූනු බව වාර්තා වේ.
(lankadeepa)
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
