කොළඹ ඉඩම් මිල ඉහළට

කොළඹ ඉඩම් මිල ඉහළට

කොළඹ ඉඩම් මිල දර්ශකය 2016 වසරට සාපේක්ෂව 2017 වසරේ දෙසැම්බර් අගභාගයේ 10.4%කින් වර්ධනය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.

"ඉඩම් මිල දර්ශකය - 2017 වර්ෂයෙහි දෙවෙනි අර්ධය" මැයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කර ඇති එම නිවේදනය අනුව මෙසේ ඉඩම් මිල දර්ශකය ඉහල යාම සඳහා නේවාසික ඉඩම් මිල දර්ශකය, වාණිජ ඉඩම් මිල දර්ශකය සහ කාර්මික ඉඩම් මිල දර්ශකය යන අනු දර්ශක තුනෙහි ඉහළයාම හේතු වී ඇත.

001

002

නිශ්චල දේපල අංශයෙහි ප්‍රවර්ධනය අධීක්ෂණය කිරීම අරමුණු කරගෙන ශ්‍රී ලංකා මහ බැංකුව මෙම විශ්ලේෂණය සිදුකරන අතර 1998 වසරේ සිට කොළඹ දිස්ත්‍රික්කය ආවරණය කරමින් අර්ධ වාර්ෂිකව ඉඩම් මිල දර්ශකය සම්පාදනය කරයි.

003

මීට අදාළ ගණනය කිරීම් සිදුකරනු ලබන්නේ තක්සේරු දෙපාර්තමේන්තුව විසින් සපයන කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 5ක් ආවරණය වන පරිදි ප්‍රදේශ 50ක මිල ගණන් භාවිත කරමින්ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න