පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ නිල වෙබ් අඩවිය www.slwpc.org ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අද (09) දින පෙරවරුවේ අන්තර්ජාලයට එක් කෙරිණි.
ජාත්‍යන්තර කාන්තා දිනය 2021 ට සමගාමීව පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් ගේ සංසදය මෙම නිල වෙබ් අඩවිය එළි දක්වා තිබේ.
පාර්ලිමේන්තුවේ කමිටු ශාලා 01හි දී පැවති මෙම උත්සව අවස්ථාවට කතානායක මහින්ද යාපා අබේවර්ධන ද එක්වූයේය.
සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල, පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපති රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ඇතුළු එම සංසදයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියෝ වෙබ් අඩවිය එළි දක්වන අවස්ථාවට එක්ව සිටියහ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
