කොරෝනා මර්දන එන්නත් ලැබීමේ ප්‍රමාදයක් සම්බන්ධව සෞඛ්‍ය අංශය වෙතින් ඉඟි පළවෙමින් තිබේ.
මේ සම්බන්ධ පුවතක් දෙරණ මාධ්‍ය ජාලයට අයත් "අරුණ" හී වාර්තා කර ඇති අතර ඒ සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ උපුටා දක්වමින් වන අතර එම පුවත පහත දැක්වෙයි.
දෙවන මාත්‍රාව ප්‍රමාද වුවත් බය වෙන්න එපා !
කොවිඩ් මර්දන එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීම ප්‍රමාද වුවත් බිය වීමට හේතුවක් නැති බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසයි.
එන්නතෙහි පළමු මාත්‍රාවෙන් සති 12කට පසු දෙවන මාත්‍රාව ලබාදීමට කටයුතු කිරීම මගින් ප්‍රතිශක්තිය වර්ධනය වීමක් සිදුවන බවද හෙතෙම ප්‍රකාශ කරයි.
එසේම මෙරටට ලැබී ඇති එන්නත් ප්‍රමාණයෙන්, එන්නත ලබාදිය හැකිවන්නේ ලක්ෂ හතක පමණ පිරිසකට බවද නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියි.
කෙසේ වුවද ඉදිරියේදී එන්නත් ලැබෙන ප්‍රමාණය පිළිබඳව ස්ථීර සහතිකයක් නොලැබීම නිසා එන්නත ලබාදීමේදී ඉදිරියේදී අවදානමක් පවතින බවද ඔහු සඳහන් කරයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
