තඹුත්තේගම වැනි සිදුවීම් ඉදිරියටත් සිදුවිය හැකියි : බුද්ධි වාර්තා අනතුරු අඟවයි !

තඹුත්තේගම වැනි සිදුවීම් ඉදිරියටත් සිදුවිය හැකියි : බුද්ධි වාර්තා අනතුරු අඟවයි !

පසුගියදා තඹුත්තේගම පැවති ගොවි උද්ඝෝෂණය මුළුමනින්ම අහිංසක ගොවි ජනතාව නොමගයවා සිදුකළ දේශපාලන කටයුත්තක් බවත් ඉදිරියේද තවත් මෙවැනිම ආකාරයට ජනතාව නොමගයවා සිවිල් කෝලාහල තත්ත්වයක් ඇති කිරීමේ අවධානමක් පිළිබඳ බුද්ධි අංශ අනතුරු අඟවා ඇත.

තඹුත්තේගම සිදුවීම සම්බන්ධව විශේෂ වාර්තාවක් ඉදිඉපත් කරමින් මෙම අනතුරු හැඟවීම සිදුකර ඇති අතර ජනතා උද්ඝෝෂණය පොලිසියට එරෙහි ප්‍රහාරයක් දක්වා වර්ධනය කිරීමේ වගකීම ගන්නට සංවිධායකයින් කිසිවෙක් නැති බව ප්‍රදේශයේ ජනතාවද සඳහන් කර සිටියි.

එසේම එම ප්‍රදේශයේ ජනතාව සඳහන් කර සිටින්නේ අදාළ ව්‍යාපෘතිය හරහා චීන සමාගමක් වෙත රාජාංගන වැවේ ජලය මුළුමනින්ම පාහේ ලබාදීමට රජය කටයුතු කර ඇති බවත් ඒ තුළ ඉදිරියේදී එම වැවේ ජලය පරිභෝජනය කරන ගොවි ජනතාවට එම ජලය සීමා සහිත වන බව සඳහන් කරමින් අදාළ උද්ඝෝෂණය සඳහා ජනතාව උනන්දු කරවූ බවය.

එසේම අදාළ ව්‍යාපෘතියේ සැබෑ තත්ත්වය සම්බන්ධව ගොවි සමිති නියෝජිතයන් දැනුවත්ව සිටියත් විපක්ෂය නියෝජනය කරන ප්‍රාදේශීය දේශපාලන නායකයන්ගේ උසිගැන්වීම හමුවේ සිදුවූ ජනතා නැගිටීම හමුවේ ඔවුන් නිහඬ වූ බවත් ඒ තුළ අවසානයේ දියත්වූ ප්‍රචණ්ඩකාරී හැසිරීම පාලනය කරගන්නට ඔවුන් අසමත්වූ බවද වාර්තා වෙයි.

එසේම උද්ඝෝෂණය සඳහා ප්‍රදේශයේ ජනතාව හැරුණු විට වෙනත් ප්‍රදේශ වලින්ද පිරිස් සහභාගීව සිටි බවත් ඔවුන් ආරම්භයේ පටන් ගැටුම්කාරී වාතාවරණයක් ඇතිකර ගැනීමට කටයුතු කළ බවද එම ප්‍රදේශයේ ජනතාව සඳහන් කර සිටියි.

කෙසේ වුවත් මේ වන විට සාක්ෂි සහිතව අනාවරණය වී ඇත්තේ අදාළ ව්‍යාපෘතිය වත්මන් ආණ්ඩුව ජල සම්පත විකුණන ප්‍රතිපත්තියක සිට දියත්කරන ලද්දක් ලෙස ප්‍රචාරය දියත් වුවත් එය අමුලික අසත්‍යක් වන බවය.

දිනේෂ් ඇමතිගේ කැබිනට් සංදේශය මෙන්න

dinesh cabinat

අදාළ ව්‍යාපෘතිය 2014 අගෝස්තු මස 18 වන දින රාජපක්ෂ ආණ්ඩු සමයේදී අමාත්‍ය මණ්ඩල සංදේශ 37/2014 යටතේ ජල සම්පාදන සහ ජල ප්‍රවාහන ඇමති, වත්මන් ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන විසින් කැබිනට් මණ්ඩලයට යොමුකොට අවශ්‍ය අවසරය ලබා පටන් ගත් ව්‍යාපෘතියක් වන බවට මේ වන විට අනාවරණය වී ඇත.

එසේම අදාළ ව්‍යාපෘතිය රාජාංගනය ජලාශය ප්‍රධාන ජල මූලාශ්‍රය කර ගනිමින් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති අතර මේ වෙනුවෙන් රාජංගනය වැවෙන් ජලය ලබා ගැනීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් අනුමැතියද ලබා දී ඇති බවද මේ වන විට හෙළිව තිබේ.

ඊට අදාලව නිකුත් කර ඇති කැබිනට් පත්‍රිකාව මේ වන විට මාධ්‍ය වෙත ලැබී ඇති අතර ඊට අනුව මේ ව්‍යාපෘතියට විදේශීය මුදල් ලෙස ඇමෙරිකානු ඩොලර් මිලියන 71ක් සහ ශ්‍රී ලංකා රජය රුපියල් මිලියන 4182 ශත 14 ක මුදලක් වැය සැපයෙන බව සඳහන්ව තිබේ.

උසිගන්වන විට උසිගැන්වෙන : මොනවද මේ ජීවිත

ඒ අනුව ඉතා පැහැදිළිව පෙනෙන්නට ඇත්තේ ආණ්ඩුවේ කටයුතු අඩාල කරලීම සඳහා ජනතාව නොමගයවා උසිගන්වන පසුබිමක් නැවතත් නිර්මාණය වී ඇති බවය.

කෙසේවුවත් මේවා මෙහෙයවන පිරිස් සිදුකරන්නේ ජනතාව සිරගතවීමේ සිට ඔළු පැලෙන තුරු පොලිස් ප්‍රහාරයට ලක්වන තැන දක්වා ජනතාව උසිගන්වා ඒ වීඩියෝ දර්ශන සඳහා ආණ්ඩුවේ මර්දනකාරී හැසිරීම ගැන පසුබිම් කථන සහ මාධ්‍ය සාකච්ඡා පැවැත්වීම පමණය.

ඒ අර්ථයෙන් මේ සිදුවීම ජනතාවට කදිම පාඩමක්ය. මෙතැන් පටන් කරන්නට ඇත්තේ වලක වැටීම සිරුරට රිදුම් ගෙන දෙන්නක් වුවත් මොලය අරඹයා ආයෝජනයක් ලෙස සලකා, පියවි සිහියෙන් යුතුව කටයුතු කිරීමය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න