තාජුඩීන්ගේ ඝාතනය: සන්නිවේදන උපකරණ රස පරික්ෂකට

තාජුඩීන්ගේ ඝාතනය: සන්නිවේදන උපකරණ රස පරික්ෂකට

රගර් ක්‍රිඩක මොහොමඩ් වසිම් තාජුඩීන්ට තර්ජනය කර ඊ මෙල් පණිවිඩ හා බද්ධ කරනු ලැබු ඡායාරූප එවිම සම්බන්ධයෙන් විමර්ශනය කිරිම සදහා ඔහු භාවිතා කරන ලද ලැප්ටෝප් යන්ත්‍ර දෙක හා ඩෙස්ක් ටොප් පරිගණකය රජයේ රස පරික්ෂක වෙත යොමු කර වාර්තාවක් කැඳවිමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් චාන්දනි ඩයස් මහත්මිය ඊයේ(28) නියම කළාය.

තජුඩින්ගේ සමීප මිතුරන්ගේ ප්‍රකාශ මත ලද තොරතුරු අනුව ඔහු මියයාමට පෙර තර්ජනය කිරිම් හා බද්ධ කරන ලද ඡායාරූප එවිම සම්බන්ධයෙන් කරුණු අනාවරණය වන බැවින් ඒ සම්බන්ධව විමර්ශණය කිරිම සදහා මේ ලැප්ටොප් හා පරිගණක යන්ත්‍ර රජයේ රස පරික්ෂක වෙත යොමු කර වාර්තාවක් කැඳවන ලෙසට රහස් පොලිසිය අධිකරණය වෙත ඉල්ලීම් කර තිබිණ.

වර්ෂ 2012/1/1 සිට 2012/5/17 දක්වා කාලය තුළ දී මේ යන්ත්‍ර තුළ අන්තර්ගත ව තිබු දත්ත සම්බන්ධ සම්පුර්ණ වාර්තාවක් කැඳවන ලෙසට රහස් පොලිසිය අධිකරණයෙන් ඉල්ලා තිබිණ.

තාජුඩින් පුද්ගලික ගුවන් ගමන් බලපත්‍ර නිකුත් කිරිමේ (සිටු ක්‍රියේෂන්) නැමැති ආයතනයේ සේවය කළ බවත් මහනුවර මිරා ට්‍රැවල්ස් ආයතනයේ තිබි ලැප්ටෝප් යන්ත්‍ර දෙක හා කුරුණැගල අස්ලිය විදේශ රැකියා ආයතනයේ තිබි පරිගණක යන්ත්‍රය රහස් පොලිසිය සියභාරයට ගෙන තිබිණ.

මෙහි ඇති සැකසහිත ඊමේල් හා ඡායාරූප සම්බන්ධ වාර්තාවක් කැඳවිමට රහස් පොලිසියේ සැරයන් රන්තප්‍රිය මහතා අධිකරණයෙන් ඉල්ලා සිටි‍යේය.

වසිම් තාජුඩින්ගේ දුරකථනයට 2012/5/17 වන දින රාත්‍රි 12.32කට 0773554441 දරණ අංකයෙන් මිස් කොල් ඇමතුමක් ලැබි ඇති බවත් ඊට අදාල විස්තර දුරකථන වාර්තාවල ද සදහන් නොවන බැවින් කාර්මික උපකරණ හා කුළුණ පිළිබඳ සටහන් රහස් පොලිසිය වෙත ලබා දෙන ලෙසට ඩයලෝක් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරිවරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙසට ද රහස් පොලිසිය ඉකුත් පෙබරවාරි 16 වන දින අධිකරණයෙන් ඉල්ලා තිබිණ.

1979 අංක 15 අපරාධ නඩු විධාන සංග්‍රහයේ 124 වගන්ති ප්‍රකාරව මෙම නියෝගය නිකුත් කරන ලෙසට රහස් පොලිසිය අධිකරණයෙන් ඉල්ලා තිබිණ.

(s.readsrilanka)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න