ජනාධිපති මාධ්‍ය අංශයේ උපදේශකයකුව සිටි නුගේගොඩ හෝටල් පාසලේ ප්‍රධානියා මෙන්ම ප්‍රවීණ මාධ්‍යවේදී සහ විදෙස් පුවත් විචාරකයකුවූ ඒ. බී. ලලිත් ද සිල්වා එම ධූරයෙන් ඉවත්කර ඇති බව වාර්තා වෙයි.
දේශපාලන ආරංචිමාර්ග සඳහන් කර සිටින ආකාරයට එම ධූරයෙන් ලලිත් ද සිල්වා ඉවත් කර ඇත්තේ "තමාට පැවරුණ විශේෂ කාර්යක් ජනාධිපති මාධ්‍යයේ නැතිබැවින් තවදුරටත් එම ධූරයේ සිටීමෙන් ප්‍රයෝජනයක් නැති බවට ඔහු විසින්ම ජනපතිවරයාට යොමුකර තිබූ ලිපියකට" අනුවය.
නුගේගොඩ පිහිටි හෝටල් පාසලෙහි හිමිකරු වන්නේද ලලිත් ද සිල්වා මහතා වන අතර ජනාධිපති මාධ්‍ය අංශයෙන් සමුගත් ඔහු ඉදිරියේ කුමක් කරන්නේද යන්න සම්බන්ධව තීරණයක් ගෙන නොමැති බවද ඔහුට සමීප ආරංචිමාර්ග සඳහන් කර සිටියි.
මීට පෙර ජනාධිපති අතිරේක ලේකම් (මාධ්‍ය) ලෙස කටයුතු කළ නිමල් බෝපගේ මහතා එම ධූරයෙන් ඉවත් කෙරුණු අතර ජනාධිපති මාධ්‍ය අංශයේ ජායාරූප අංශය සම්බන්ධයෙන්ද ඉදිරියේදී වෙනස්කම් කිහිපයක් සිදුවිය හැකි බවට ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග සඳහන් කර සිටියි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
