ඉන්දියාවේ නිෂ්පාදනය කෙරෙන කොවිඩ් -19 ප්‍රතිශක්තිකරණ එන්නත් අද (20) සිට රටවල් 5කට අපනයනය කිරීම ආරම්භ කොට ඇත.
එහි ඇති විශේෂත්වය වන්නේ මෙම රටවල් අතරට ශ්‍රී ලංකාව ඇතුළත් නොවීමය.
ශ්‍රී ලංකාව, ඇෆ්ගනිස්ථානය සහ මුරුසිය එන්නත් ලබාගැනීම සදහා අවශ්‍ය නියාමන අවසරයන් තවමත් ලබාදී නොමැති වීම ඊට හේතුව බව දැනගන්නට තිබේ.
ඒ අනුව පළමු එන්නත් තොගය භූතානයට අපනයනය කිරීමට නියමිතව ඇති අතර දෙවැනි එන්නත් තොගය ලෙස ඉන්දියාවේ නිෂ්පාදිත ඔක්ස්ෆර්ඩ් – ඇස්‍ට්‍රසෙනිකා එන්නත් මාත්‍රා මිලියන 2ක් හෙට දිනයේදී බංග්ලාදේශයට යැවීමට නියමිතය.
ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කර තිබුණේ පළමු අදියර යටතේ භූතානය, මාලදිවයින, බංග්ලාදේශය, මියන්මාරය සහ සීෂෙල්ස් යන රටවලට එන්නත් නිකුත් කෙරෙන බවයි.
(මව්රට )
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
