දහම් පාසල් පිරිවෙන් හා භික්ෂු අධ්‍යපන රාජ්‍ය අමාත්‍යාංශය මගින් නවක පත්වීම්ලාභී පරිවේණාචාර්ය හිමිවරුන් සහ (ගිහි) පරිවේණාචාර්යවරුන් 213 දෙනෙක් සඳහා නව පත්වීම් ප්‍රදානය කිරීම අද (19) දින අධ්‍යාපන අමාත්‍යාංශ ශ්‍රවනාගාරයේ දී සිදු කෙරිණ.
මෙම අවස්ථාව ගරු අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය විජිත බේරුගොඩගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු අතර, මේ අවස්ථාව සඳහා පිරිවෙන් උපදේශක පූජ්‍ය දොඩම්පහළ රාහුල හිමි , පිරිවෙන් අධ්‍යක්ෂ පූජ්‍ය වටිනාපහ සෝමානන්ද හිමි, අධ්‍යපන රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් එස්. එම්. හරිස්චන්ද්‍ර ඇතුළු නිලධාරීන් රැසක් ද සහභාගී වූහ.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
