සීනි බදු සංශෝධනයේ දී එහි වාසිය පාරිභෝගිකයින්ට කිසිසේත්ම ලැබී නොමැති බව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති අනුර ප්‍රියදර්ශන යාපා සඳහන් කර ඇත.
සීනි බදු සංශෝධනයේ දී එහි වාසිය පාරිභෝගිකයින්ට හිමිවන්නේ ද යන්න අපක්ෂපාතී හා විමර්ශනාත්මක වාර්තාවක් ලබාදෙන ලෙස රජයේ මුදල් පිළිබඳ කාරක සභාව විසින් මුදල් අමාත්‍යාංශ නිලධාරීන්ට දැනුම් දී තිබුණි.
මුදල් අමාත්‍යාංශය විසින් පසුගිය වසරේ ඔක්තෝබර් මස 13 වනදා ගැසට් පත්‍රයක් මගින් ආනයනික සීනි කිලෝග්‍රෑමයක් සඳහා එතෙක් රුපියල් 50ක් ව පැවති බදු මුදල ශත 25ක් දක්වා සංශෝධනය කරනු ලැබීය.
මේ සම්බන්ධව පාර්ලිමේන්තුවේදී මෙන්ම ඉන් පිටතදීද ප්‍රශ්න කෙරුණේ අදාළ සීනි බදු සහනය ආණ්ඩුවේ ගජමිතුරු සීනි ආනයනකරුවකුට ලබාදුන්නක් බවටය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
