එජාප හිටපු මන්ත්‍රීවරුන්ගේ සංගමයත් කරූව ඉල්ලයි !

එජාප හිටපු මන්ත්‍රීවරුන්ගේ සංගමයත් කරූව ඉල්ලයි !

පක්ෂය හැරගිය සියලු දෙනාම ඒකරාශී කළ හැකි පරිණත පුද්ගලයෙකු ලෙස හිටපු කථානායක කරූ ජයසූරිය මහතාට එක්සත් ජාතික පක්ෂ නායකත්වය බාර ගන්නැයි එක්සත් ජාතික පක්ෂ හිටපු මන්ත්‍රීවරුන්ගේ සංගමය පවසයි.

එක්සත් ජාතික පක්ෂ හිටපු මන්ත්‍රීවරුන්ගේ සංගමය වෙනුවෙන් නිවේදනයක් නිකුක් කරමින් එම සංගමයේ ලේකම් උපාලි අමරසිරි  මේ බව සඳහන් කර ඇත.

අර්බුධකාරී අවස්ථාවේ පක්ෂය සම්පූර්ණයෙන් ම නඟා සිටුවා යළිත් පුනර්ජීවනයක් ඇති කළ හැකි එකම පුද්ගලයා ලෙස එය ජයග්‍රාහීව ඉදිරියට ගෙන යන ලෙසත් එම සංගමය අදාළ නිවේදනය හරහා හිටපු කතානායක  කරූ ජයසූරියගෙන් ඉල්ලා සිටියි.එසේම එජාපයේ විවිධ තනතුරු බෙදා ගැනීමට කුලල්කන කිසිදු පුද්ගලයෙකු එහි නායකත්වයට හෝ කිසිදු වගකීමක් දැරීමට සුදුසු නොවන බව ද එම සංගමය යෝජනා කර සිටියි.

එයට හේතුව ඔවුන් සියලු දෙනාම පරාජිතයන් වන අතර, ඔවුන්ගෙන් බොහෝ දෙනෙකුට දූෂණ චෝදනා ඇති බැවින් හා පක්ෂයට අපකීර්තියක් හා පක්ෂයේ පරාජයට ඔවුන් ද වගකිව යුතු බව ද එම සංගමය පවසයි.

ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක් ලෙස එක්සත් ජාතික පක්ෂයට අද වන විට අත් වී ඇති ඉරණම පිළිබඳ පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් ලෙස කනගාටුවට පත්වන බව එම සංගමය වැඩිදුරටත් පවසයි.

ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන ජනතා පරමාධිපත්‍යයට ගරු කරන එජාප ය තුළ තිබු වටිනා හර පද්ධතීන් ආරක්ෂා කර ගනිමින් හා තවදුරටත් එය ඉදිරියට ගෙන යමින් ජනතා අභිලාෂයන් වෙනුවෙන් ඉදිරියටත් කැපවී කටයුතු කළ යුතු බව ද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න