අලි සබ්‍රි ආණ්ඩුවේ ජාතිවාදීන්ගේ කට බඳියි !

අලි සබ්‍රි ආණ්ඩුවේ ජාතිවාදීන්ගේ කට බඳියි !

පාර්ලිමේන්තුව 09 වන සැසිවාරය ආරම්භක දිනයේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී. විග්නේෂ්වරන් මන්ත්‍රීවරයා සිදු කරන ලද ප්‍රකාශය වැනි ප්‍රකාශ කළ නොහැකි ලෙස ස්ථාවර නියෝග සංශෝධනය කළ යුතු බව රාජ්‍ය ඇමති සරත් වීරසේකර  පැවසීය.

ඒවා හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කළ යුතු බව සරත් වීරසේකර අමාත්‍යවරයා  පැවසුවද පිලිතුරු ලෙස පාර්ලිමේන්තු මහ ලේකම්වරයා සදහන් කලේ එක් සිදුවීමක් ඉලක්ක කර එවන්නැක් කල නොහැකි බවයි.

මේ අතර සරත් වීරසේකර අමාත්‍යවරයා ගේ  අදහසට විරුද්ධ  මතයක් අධිකරණ ඇමති අලි සබ්රි  ප්‍රකාශ කළේ ය.

ඔහු සඳහන් කළේ කිසියම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ කිසියම් අදහසක් කතාවක් හැන්සාඩ් ගත වූ පමණින් එයට කිසිදු නීත්‍යානුකූළ පිළිගැනීමක් හිමි නොවන බවයි.

පාර්ලිමේන්තුවේ අදහස් ප්‍රකාශ කිරීමට මන්ත්‍රීවරුන්ට ඇති අයිතියට බාධා නොකළ යුතු බවද සියලු මත සංවාදයට ලක්වී ඒ මත ගැටීමට සලස්වා පොදු මහ ජනතාව තේරුම් ගැන්මට අවස්ථාව ලබා දිය යුතු බවද අධිකරණ ඇමැතිවරයා සඳහන් කළේය.

එම අදහස් දැක්නීමට පාර්ලිමේන්තු මහ ලේකම්වරයා සිය පූර්ණ එකගතාවයද පල කරන ලදි.

ඔවුන් මෙම අදහස් පළ කරනු ලැබුවේ නවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවති වැඩමුළුවේ දී මන්ත්‍රීවරුන්ට ඇති ගැටළු සාකච්ඡා කිරීමට ලබා දුන් අවස්ථාවේදී බව දැඩි ආණ්ඩු හිතවාදි වෙබ් අඩවියක් වන සී නිව්ස් වාර්තා කර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න