වියත් රාජ්‍ය ඇමතිලා කැබිනට් අස්සේ හිරවෙයි : අතුරු සම්මත ගිනුමේ හංගලා ගැහිල්ලක් !

වියත් රාජ්‍ය ඇමතිලා කැබිනට් අස්සේ හිරවෙයි : අතුරු සම්මත ගිනුමේ හංගලා ගැහිල්ලක් !

අයවැයක් නොමැතිව පොදුජන පෙරමුණ ආණ්ඩුවේ 2020 ඉදිරි කාර්තුව වෙනුවෙන් වන අතුරු සම්මත ගිණුම අද (27) සහ හෙට (28) පාර්ලිමේන්තුවේදී  විවාදයට ගැනීමට නියමිතව ඇති අතර  රාජ්‍ය අමාත්‍යංශ සඳහා වැය ශිර්ෂයයන් වෙනම ඉදිරිපත් කර නොමැති බව වාර්තා වෙයි.

ආණ්ඩුව මෙවැනි කටයුත්තක් සිදුකර ඇත්තේ රාජ්‍ය අමාත්‍යවරුන් පත්කර අදාල අමාත්‍යංශවලට ප්‍රධාන ගණන්දීමේ නිලධාරීන් පත්කර ඇති පසුබිමක වන අතර එය විමතියට මෙන්ම හාස්‍යජනක බව ආර්ථික විශ්ලේෂකයන් පවසයි.

ඒ රාජ්‍ය අමාත්‍ය ධූර සඳහා වන විෂය පථ වෙනම ගැසට් කර ඇති නමුත් ඊට අදාළ ප්‍රතිපාදන වෙනුවෙන් කැබිනට් අමාත්‍යාංශ මත  යැපෙන තැනට  ඇද දැමීම හමුවේය.

ඒ අනූව රාජ්‍ය අමාත්‍ය සහ කැබිනට් අමාත්‍යවරයා අතර පැවති සීතල යුද්ධය මෙහිදී ද  මතුවීම අනිවාර්‍ය විය හැකි බවත් ඒ තුළ වියතුන් රාජ්‍ය අමාත්‍යවරුන් වීම සංදර්ශනයක් පමණක් වීමෙ අවධානමක් ඇති නිසා බවත් ආර්ථික විශ්ලේෂකයන් පවසයි.

එම තත්වය තුළ රාජ්‍ය අමාත්‍යංශ වලට ප්‍රධාන ගණන්දීමේ නිලධාරීන් පත්කළේ ඇයිද යන කාරණය සම්බන්ධයෙන් ගැටළුවක් මතුවන බවත් ඔවුන් ප්‍රශ්න කරයි.ඉදිරිපත් කර ඇති අතුරු සම්මත ගිණුමේ කැබිනට් අමාත්‍යංශ යටතට රාජ්‍ය අමාත්‍යංශවල වැය ශිර්ෂ ද ඇතුලත් කර ඇති බැවින් සමස්ත කැබිනට් අමාත්‍යංශ මුදල් සඳහා වගකියන්නේ කැබිනට් අමාත්‍යංශවල ලේකම්වරයාය.

රජය විසින් මෙම අතුරු සම්මත ගිණුම ඉදිරිපත් කර ඇත්තේ, සැප්තැම්බර් පළමු වැනිදා සිට 2020 වර්ෂයට අදාල අයවැය සම්මත වන තුරු කාලය සඳහා රුපියල් ට්‍රිලියන 1,3 කට මදක් වැඩි මුදලක් වියදම් කිරීම සඳහා දැරීමට අනුමැතිය ඉල්ලා සිටිමිනි.

දේශීය භාණ්ඩාගාර බිල්පත් අඥා පනතේ 2 - 1 වගන්තියට අනුව රුපියල් බිලියන 750 කට නොවැඩි මුදලක් භාණ්ඩාගාර බිල්පත් නිකුතුව හරහා ණයට ගැනීම සඳහා වන යෝජනාව ද එහිදී විවාදයට ගැනෙනු ඇත.

පූර්ණ යෝජනාවක් ලෙස ඉදිරිපත් වූ මෙම අතුරු සම්මත ගිණුම පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27 අනුව න්‍යාය පුස්තකය මගින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දැනුම් දීමට මේ වන විට කටයුතු කර තිබේ.මෙම අතුරු සම්මත ගිණුමට, ඊයේ (26) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය හිමි විය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න