දේශපාලන පලිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිසමේ වැඩ තාවකාලිකව නවතියි !

දේශපාලන පලිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිසමේ වැඩ තාවකාලිකව නවතියි !

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලයට පැමිණීමෙන් පසු පිහිටුවනු ලැබූ, 2015 ජනවාරි 08 වැනිදා සිට 2019 නොවැම්බර් 16 දක්වා කාලයේ රජයේ නිලධාරීන්, රාජ්‍ය සංස්ථා සේවකයන් හා සන්නද්ධ හමුදාවේ හා පොලිසියේ නිලධාරීන් මුහුණ දුන් දේශපාලන පළිගැනීම් පිළිබඳ සෙවීමේ ජනාධිපති කොමිසමේ කටයුතු තාවකාලිකව අත්හිටුවා තිබේ.

එම ජනාධිපති කොමිසම ඊයේ (16) රැස්වීමෙන් පසු දැනුම් දී ඇත්තේ අගෝස්තු 13 වනදා තෙක් තාවකාලිකව කොමිසමේ කටයුතු අත්හිටුවන බව ය.

කොළඹ බන්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පිහිටි මෙම කොමිසමේ කටයුතු නිරෝධායන ප්‍රතිපාදනවලට පටහැනිව නියමිත දුරස්ථභාවය නොමැතිව කුඩා කාමරයක් තුළ සිදු කරන බවට කොළඹ මහ නගරසභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වෙත ලැබී ඇති පැමිණිල්ලක් මත එම නිලධාරීන් ඊයේ  (16) එම කොමිසම රැස්වෙන ආකාරය නිරීක්ෂණය කිරීමටද  ගොස් තිබිණ.

 

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න