සිංහල අවුරුදු චාරිත්‍ර සමයේ වැඩ අත්හැරීමේ හා පුණ්‍ය කාලය සිහිපත් කරමින් ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා දේශපාලන වැඩ අත්හැරීමේ ක්‍රියාවලියක යෙදී සිටියි.
යහපාලන ආණ්ඩුවේ අගමැතිවරයා එම ධුරයෙන් ඉවත් විය යුතුය යන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායමේ පෙරමුණ බළඇණියේ සිටින ඇමැති ජයසේකර මහතා, පෙරේදා (20) පැවැති ඇමැති මණ්ඩල රැස්වීමටද සහභාගි නොවිය.
එසේම, ඔහු සති දෙකක කාලයක සිට කැබිනට් තොරතුරු දැනුම් දෙන මාධ්‍ය හමුවටද එහි සම කැඳවුම්කරු ලෙස සහභාගි වීමෙන් වැලකි සිටියි.
මේ සම්බන්ධයෙන් 'නිව්ස් ටියුබ්' කල විමසීමකදී ඔහු කියා සිටියේ රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් ඉවත්විය යුතු බවට ශ්‍රීලනිපය දරන ස්ථාවරයට තමන් මුළුමනින්ම එකඟ බවයි.
ජනාධිපතිවරයා පුර්ණ කැබිනට් සංශෝධනයක් බලාපොරොත්තුවන බවද ඔහු සඳහන් කළේය.
''අමාත්‍යාංශ මුළුමනින්ම සංශෝධනය කල යුතු බව ජනාධිපතිවරයාගේ ස්ථාවරය වෙලා තියනවා. ඒ නිසා කැබිනට් සංශෝධනය තවදුරටත් පමාවෙන ලකුණු තියනවා '' යයි ද ඔහු කියා සිටියේය.
එම ගැටළුව විසඳා ගැනීමෙන් පසු අමාත්‍ය ධුරයක් බාර ගන්නේදැයි 'නිව්ස් ටියුබ්' කල විමසීමේදී ඔහු පැවසුයේ, ජනාධිපතිවරයා කියනවා නම් ඒ ඕනෑම දෙකට එකඟ බවයි.

