බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරිය ඉල්ලා අස්වෙයි?

බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරිය ඉල්ලා අස්වෙයි?

යහපාලන රජය බලයට පත්වීමෙන් පසු එක්සත් රාජධානියේ හා උතුරු අයර්ලන්තයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ලෙස පත්කරනු ලැබූ අමාරි මන්දිකා විජේවර්ධන මහත්මිය මාර්තු 30 වැනිදායින් සේවයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබාදී ඇතැයි විශ්වාස කටයුතු විදේශ සේවා ආරංචිමාර්ග සඳහන් කළේය.

ඇයගේ අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා විසින් පිළිගෙන ඇතැයිද එම ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.

වත්මන් රජය බලයට පත්වීමත් සමගම අමාරි විජේවර්ධන මහත්මිය එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරිය ලෙස පත්කරන ලද්දේ පසුගිය රජය සමයේ බිඳ වැටී තිබූ ද්විපාර්ශ්වික සම්බන්ධතා වර්ධනය කරලීම පිණිසය.

2016 නොවැම්බර් 15දා ඇය සිය අක්තපත්‍රය බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් මහ රැජින වෙත බකිංහැම් මාලිගාවේදී බාරදුන්නාය.

ලබන අගෝස්තුවේදී අමාරි විජේවර්ධන මහත්මියගේ වසර දෙකක සේවා කාලය අවසන් වීමට නියමිතව තිබිණ.

Untitled 2com

ස්වදේශීය සමාගමේ සභාපතිනිය හා කළමනාකරණ අධ්‍යක්ෂකවරිය වූ විජේවර්ධන මහත්මිය කැළණිය රාජ මහා විහාරයේ ප්‍රධාන දායිකාව ලෙසද කටයුතු කරනු ලබයි.

ඇය අගමැති රනිල් වික්‍රමසිංහ සහ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහත්වරුන්ගේ සමීප ඥාතිවරියකි.

එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්‌ කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක ලෙස කටයුතු කළ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා සම්බන්ධයෙන් ඇතිවූ අර්බුදය අමාරි විජේවර්ධන මහත්මියගේ ඉල්ලා අස්වීම කෙරෙහි බලපා ඇතැයි තහවුරු නොකළ ආරංචිමාර්ග පවසයි.

ලබන අප්‍රේල් මාසයේ දී පොදු රාජ්‍ය නායක සමුළුව ලන්ඩනයේ පැවැත්වෙන අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊට සහභාගිවීමට නියමිතය. දෙමල ඩයස්පෝරාව ඔහුට එරෙහිව විරෝධතා පලකිරීමට දැන් සිටම සුදානම් වන බව වාර්තාවේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න