කාන්තාවන් වෙනුවෙන් ලිබරල් ප්‍රතිසංස්කරණයක්වත් ලබාදීමේ හැකියාවක් අපේ රටේ පාලකයන්ට නොමැති බව නිදහස උදෙසා කාන්තා ව්‍යපාරයේ ජාතික සංවිධායිකා හේමමාලි අබේරත්න පවසයි.
සියයට 25 ක කාන්තා නියෝජනය වෙන රටවල වසර සිය ගණනකට පෙර ලබාදුන් ප්‍රතිසංස්කරණයක් බවත් එවැනි ලිබරල් ප්‍රතිසංස්කරණයක් හෝ ලබාදීමට වුවමනාවක් අපේ රටේ පාලකයනට නොමැති බව අද(21) පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඇය පැවසීය.
හේමමාලි අබේරත්න මහත්මිය වැඩිදුරටත් පැවසුවේ,
මැතිවරණ කොමිසම කියන ආකාරයට නියමිත නිතිය අනුව පළාත් සභා කැඳවද්දී අර්බුද මතුවන පළාත් පාලන ආයතන පක්ෂ නායකයන්ගේ එකඟතාවය අනුව පිහිටුවනවා. පාර්ලිමේන්තුවේ සම්මත වී නීතියක් බවට පත්වූ දෙයක් පක්ෂ නායකයෝ වෙනස් කරන්නේ කොහොමද? අදාල පක්ෂවල පක්ෂ නායකයෝ එකඟ වූ ආකාරයට පළාත් සභා පළාත් පාලන ආයතන 20 ක කාන්තා නියෝජනය ගෙන එන්න බැරි ඒවා තියෙනවා. ජන්දයට පෙර මෙම 25% කාන්තා නියෝජනය විකුණුවා. ජන්දය අවසන් වුනාට පසු එය අදල නැහැ. අඩුම ගානේ සියයට 25 ගැනවත් සලකන්නේ නැහැ.
මේ රටේ ආර්ථිකයට වැඩිම පංගුව සපයන තමන්ගේ ශ්‍රමය අඩු මුදලට විකුණන විදෙස්ගත ශ්‍රමික සොයුරියෝ ඉන්නවා. ඒවගේම තේ කර්මාන්තය ආශ්‍රිතව හරි හැටි නිවසක්, වැටුපක් හෝ කුසට අහරක් නොමැති සොයුරියන් එක පැත්තකින් සිටිනවා. අනිත් පැත්තෙන් ඇඟලුම් කර්මාන්ත ආශ්‍රිතව ඉතා අඩු වැටුපකට තමන්ගේ ශ්‍රමය වගුරන කාන්තාවෝ සිටිනවා. මේ මොහොතේ ලක්ෂ 25ක් කාන්තාවෝ වැඩබිම්වල විවිධ රැකියාවල නිරත වෙනවා. ඒවගේම ලක්ෂ 33ක් කාන්තාවෝ ගෘහණියෝ ලෙස වැඩ කරනවා. තව ලක්ෂ දෙකක කාන්තාවන් පිරිසක් රැකියා අපේක්ෂාවෙන් සිටිනවා. මේ රටේ කාන්තාවන්ගේ ප්‍රශ්නය මේ රටේ පලකයෝ තේරුම් අරගෙන සිටිනවාද කියන ගැටලුව අපට තියෙනවා.
කාන්තාවෝ දේශපාලනයට කැඳවිය යුතුයි. නමුත් මේ පාලකයෝ ඒ වෙනුවට ලබාදෙමින් සිටින්නේ පැලැස්තර විසදුම් . ස්ත්‍රීන් සටන් කරන දේශපාලනය කරන තැන්වලදී ඔවුන්ව මර්දනය කරනවා. විශේෂයෙන් අපි දකිනවා විශ්ව විද්‍යාල ශිෂ්‍යාවෝ අධ්‍යාපනය අයිතිය වෙනුවෙන් අරගල කරනකොට, තමන්ගේ අර්ථ සාධක අරමුදල කපා දැමීමට එරෙහිව ඇඟලුම් කර්මාන්ත ශාලා වල වැඩකරන කාන්තාවෝ අරගල කරනකොට ඔවුන්ව මර්දනය කරනවා.
අපි විශ්වාස කරන පරිදි පළාත් පාලන පාලන ආයතන, පළාත් සභා සහ පාර්ලිමේන්තුව වැනි ධනේශ්වර ආයතනවල 25% කාන්තා නියෝජනයක් ලබා දීමෙන් කාන්තාවන්ගේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ.ස්ත්‍රීන් වීම නිසා අපි මුහුණ දෙන විශේෂ පිඩාවක් තියෙනවා. ඒ ප්‍රශ්නයට උත්තර හොයන්න නිකම්ම නිකම් පලස්තරයකින් බැහැ. ගැහැණියට මනුෂයෙකු ලෙස සළකන සමාජ වටපිටාවක් හදන්න ඕනා. ඔබ නිකමට කාන්තාවගේ ප්‍රශනය විසඳි තිබෙනවද කියා තවත් අවුරුදු 5ට පසු බලන්න . කාන්තාවන් සමබන්ධ ප්‍රශ්නය විසඳා ගත හැකිවෙන්නේ මහා පොළොවේ , සියලු මිනිසුන් සමඟ එකතුව කරන අරගලයකින් විතරයි.
කාන්තා නියෝජනයේ අනුපාතය වෙනස් කිරීමට කිසිවෙකුට බලයක් නෑ - කැෆේ සංවිධානය
මේ අතර කැෆේ සංවිධානය සඳහන් කරන්නේ කාන්තා නියෝජනය නිසා පළාත් පාලන ආයතනවල සභික සංඛ්‍යාව වැඩිවී ඇති බවට කෙරෙන චෝදනාව පිළිගත නොහැකි බවය .
එහි විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් ඊයේ (පෙබරවාරි 20) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අවධාරණය කළේ දේශපාලන වුවමනාවන් පදනම් කරගනිමින් සමානුපාතික සහ කොට්ඨාස ඡන්ද ක්‍රමයට සභිකයින් තෝරා ගැනීමේ අනුපාතය හිතුවක්කාරී ලෙස වෙනස් කිරීම නිසා මෙම තත්වය ඇතිවී ඇති බවයි.
එසේම මෙහි කාන්තා නියෝජනය පිළිබඳ ගැටළුවක් ඇති බව හුවා දක්වමින් මැතිවරණ නීතිය නෙතකා කටයුතු කිරීමට ඉඩ දෙන ලෙස ඉල්ලා සිටින බවත්, එලෙස පැවැත්වූ මැතිවරණයක නීති වෙනස් කිරීමට මැතිවරණ කොමිසමට හෝ දේශපාලන නායකත්වයට කිසිදු නීතිමය බලයක් නොමැති බව ද මෙහිදී පෙන්වා දී තිබේ.

