ඇමති සුසිල් සහ දයාසිරි කැබිනට් වර්ජනයක : ආණ්ඩුවෙන් අයින්වෙලා නෑ - අමරවීර

ඇමති සුසිල් සහ දයාසිරි කැබිනට් වර්ජනයක : ආණ්ඩුවෙන් අයින්වෙලා නෑ - අමරවීර

සුසිල් ප්‍රේමජයන්ත සහ දයාසිරි ජයසේකර යන අමාත්‍යවරුන් ඊයේ (20) පැවති කැබිනට් මණ්ඩල සාකච්ඡාවට සහභාගීව නොමැති බව වාර්තා වෙයි.

එසේම අද (21) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවටද සම කැබිනට් ප්‍රකාශක වන අමාත්‍ය දයාසිරි ජයසේකර සහභාගී වුයේ නැත.

මේ බව අනාවරණය වුයේ අද (21) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අවස්ථාවේදීය.

මෙහිදී මාධ්‍යවේදීන් දයාසිරි ජයසේකර අමාත්‍යවරයාගේ නොපැමිණීම ප්‍රශ්න කළ අතර එහිදී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න පවසා සිටියේ අදාළ නොපැමිණීමට හේතුව තමන් නොදන්නා බවත් ඒ පිළිබඳ දයාසිරි අමාත්‍යවරයා අමතා දැනගන්නා ලෙසය. එසේම සුසිල් ප්‍රේමජයන්ත සහ දයාසිරි ජයසේකර යන අමාත්‍යවරුන් ඊයේ පැවති කැබිනට් මණ්ඩල සාකච්ඡාවට සහභාගී නොවූ බවද අමාත්‍යවරයා පිළිගත්තේය.

නිදහස් සන්ධානය තවමත් ආණ්ඩුවේ - මහලේකම් අමරවීර

කෙසේ වුවත් එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් ඇමති මහින්ද අමරවීර සඳහන් කර සිටින්නේ ජාතික ආණ්ඩු ගිවිසුමෙන් ශ‍්‍රීලනිපය ප්‍රමුඛ සන්ධානය ඉවත්ව නොමැති බවය.

අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදුකරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළ අතර ඒ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය අතර ජාතික ආණ්ඩුවක් සදහා අත්සන් තබා ඇති ගිවිසුම තව දුරටත් වලංගු යයි අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී කළ අදහස් දැක්වීමට ප්‍රතිචාර දක්වමින්ය.

ශ්‍රීලනිපය අතීරණයක

මේ අතර ශ්‍රීලනිප අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කර සිටින්නේ තවදුරටත් ආණ්ඩුවේ සිටිනවාද නැද්ද යන්න කෙරෙහි තවමත් පොදු තීරණයකට පැමිණීමට නොහැකිවී ඇති බවය.

ඊට හේතුව සම්මුති ආණ්ඩුවේ අග්‍රාමාත්‍යධූරය රනිල් වික්‍රමසිංහ මහතා වෙතම ලබාදීම සඳහා කෙරෙන යෝජනාවට එක් පාර්ශවයක් බරපතල ලෙස විරුද්ධව සිටීම බවද එම ආරංචිමාර්ග සඳහන් කරයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න