ජනපති - අගමැති - බැසිල් බල අරගලයෙන් පුංචි ආණ්ඩුවල බල අර්බුදයක්

ජනපති - අගමැති - බැසිල් බල අරගලයෙන් පුංචි ආණ්ඩුවල බල අර්බුදයක්

පළාත් පාලන මැතිවරණය පවත්වා දින 10 ක් පමණ ගතවී ඇති නමුත් එම ආයතන වල සභාපති, උප සභාපති ආදී තනතුරු වලට පත්වන්නේ කවුද යන්න තීරණය වී නැත්තේ මැතිවරණ ක්‍රමයේ විකෘතියක් නිසා නොව ජාතික දේශපාලනය තුළ පවතින බල අරගලය නිසා බව කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් පවසයි.

අද(21) රාජගිරියේ පැවති මැතිවරණ නිරීක්ෂකයින්ගේ හමුවකදී අදහස් දක්වමින් ඔහු මේ අදහස් දැක්වූ අතර මෙවැනි සිදුවීමක් සිදුවන්නේ ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට බවද සඳහන් කර සිටියි.

මීට ප්‍රධාන හේතුව වී ඇත්තේ අද වනවිට ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ බැසිල් රාජපක්ෂ අතර පවතින බල අරගලය බව තෙන්නකෝන් මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂවරයා සඳහන් කර සිටියේ නව මැතිවරණ ක්‍රමයට අනුව සන්ධාන ගත වීමේ අර්බුදයක් නොමැති බවත් ඡන්ද විමසීමට පෙර සහ පසු සන්ධාන ගත වීමට අවස්ථාව නව මැතිවරණ ක්‍රමය තුළ පවතින බවය.

එසේම නාම යෝජනා භාරදීමෙන් පසු සහ මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශ කිරීමෙන් පසු සන්ධාන ගත වීමට මෙම ක්‍රමය තුළ අවස්ථාව ඇති බවද ඔහු පැවසීය.

ඡනතාව තමන්ගේ පළාත් පාලන බල ප්‍රදේශය සඳහා නියෝජිතයින් තෝරා ගැනීමේ කාර්යය මේ වනවිට අවසන් කර ඇති නමුත් එක්සත් ජාතික පක්ෂය තනි ආණ්ඩුවක් පිහිටුවන්නේ ද?, ශ්‍රී ලංකා පොදුජන පෙරමුන හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සන්ධානගත වන්නේ ද ? නැතහොත් පවතින යහපාලන රජය ඉදිරියට ගෙනයන්නේ ද යන්න මත පළාත් පාලන ආයතනවල බලය අල්ලන්නේ කවුද යන්න පිළිබඳව තීරනය කරනු ඇති බවද ඔහු පෙන්වා දෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න