

කෙසේ නමුත් අවසානයේ සිදුවූයේ 2009 වර්ෂයේ දී මේ රටින් එල්ටීටීඊය මුළුමනින්ම වනසා දැමූ බව වසර දහයකට අධික කාලයක් පුරා ප්‍රකාශ කළ නමුත් මෙම හිරු පුවතට අනුව එල්ටීටීඊය තවමත් සක්‍රීයව කටයුතු කරන්නේ දැයි සැකයක් මතුවීමය.
එසේම රාජපක්ෂ බල ව්‍යාප්තිය වූ එල්ටීටීඊ යුද්ධය ජයග්‍රහණය කර ඒ හරහා නැවත නැවත් මේ රටේ බලය ලබාගැනීමත් අර්බුදයට ලක් කරන්නක් සහ පසුගිය ජනාධිපතිවරණයේදී පොදුජන පෙරමුණ අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ ජාතික ආරක්ෂාව තහවුරු කිරීම තම ප්‍රබල සටන් පාඨ ලෙස ඉදිරිපත් කළ අතර එයත් මේ පුවත සමග බරපතල ප්‍රශ්නාර්ථයක් බවට පත් කෙරිණ.
ජාතිවාදී අන්තවාදී සාවද්‍ය පුවත් මැව්වන්ට සොරි !
එම පුවතත් ආරක්ෂක අමාත්‍යාංශයේ නිවේදනයත් අතර සම්බන්ධයක් ඇත්දැයි අප දන්නේ නැත.
නමුත් පටු පරමාර්ථ ඉටු කර ගැනීමට පසුගිය ආණ්ඩුවේ තහවුරු කර තිබූ භාෂණ හා ප්‍රකාශන නිදහස ජඩමාධ්‍ය බවට පත්කරගත් ඒ හරහා උදේ සිට රෑවෙන තුරු ජාතිවාදී සහ අන්තවාදී බිල්ලන් මැවු කාට කාටත් ඒ කටයුතු අවසන් කරන්නට සිදුවන තත්ත්වයක් පෙන්නුම් කරයි.
එසේම පොදුජන පෙරමුණ බලයට ගැනීම වෙනුවෙන් සමාජ මාධ්‍ය හරහා බොරු බිල්ලන් මවමින් ජාතික සමගියට වින කෙටු කෙරුමන්ටත් නිවාඩු යන්නට සිදුවන තත්ත්වයක පණිවිඩයක් ලෙසත් ආරක්ෂක අමාත්‍යාංශයේ නිවේදනය සැලකිය හැකිය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
