පොහොට්ටුව හැදුවේ මැතිවරණ ප්‍රතිඵල පෙන්වා නඩු යට යවන්න - මන්ත්‍රී නලින් බණ්ඩාර

පොහොට්ටුව හැදුවේ මැතිවරණ ප්‍රතිඵල පෙන්වා නඩු යට යවන්න - මන්ත්‍රී නලින් බණ්ඩාර
ඒකාබද්ධ විපක්ෂය සූදානම් වුයේ පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලය යොදාගෙන එම පාර්ශවයේ නඩු ලිපිගොනු යටගැසීමට බවත් ජයග්‍රහණයක් තියන බව පවසමින් ජනාධිපතිවරයා සමඟ ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ඔවුන්ට වෙනත් කිසිඳු අවශ්‍යතාවක් නොතිබූ බව එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර සඳහන් කරයි.
 
විමල්ගේ අභියෝගයට ක්ෂණික ප්‍රතිචාර
 
පාර්ලිමේන්තුවේ අද (19) පැවති විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා එම අදහස් දැක්වීම සිදුකල අතර එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ අද දිනයේ විවාදයට එක්වෙමින් විමල් වීරවංශ මන්ත්‍රීවරයා තමන්ට එරෙහි චෝදනා ඇත්නම් ඔප්පු කරන ලෙස රාජිත අමාත්‍යවරයා වෙත අභියෝග කල බවත් ඒ අභියෝගය ඔප්පු කිරීමට තමන්ට හැකි බවය.
 
වඳකළ නොහැකි කෘමින් සිටි විමල්ගේ කඩ කාමර
 
එහිදී බරපතල දුෂණ වංචා පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසමේ වාර්තාවේ විමල් වීරවංශට එරෙහිව රුපියල් එක්කෝටි තිස්හය ලක්ෂයකට අධික රාජ්‍ය දේපල අවභාවිත කිරීම සම්බන්ධව චෝදනා ඉදිරිපත් කර ඇති බවත් විමල් වීරවංශ එදා අමාත්‍යවරයා ලෙස "වඳ කිරීමට නොහැකි කෘමීන් සිටීම" හේතුවක් ලෙස දක්වා සිය හිතවතුන්ට සොච්චම් මුදලට නිවාස සංවර්ධන අධිකාරියේ දේපල පවරා ඇති බව අනාවරණය කර ඇති බවද මන්ත්‍රීවරයා පැවසීය.
 
 
වඳ කළ නොහැකි කෘමින් නිසා ලක්ෂ ගණනක් රජයට පාඩු කිරීමට විමල් වීරවංශ අමාත්‍යවරයෙකු ලෙස සිටිමින් කටයුතු කළා නම් එම කඩකාමර තුළ මීයන් හෝ කැරපොත්තන් නොසිටීම හොඳට ගිය බවද මන්ත්‍රීවරයා පැවසීය. 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න