සෞඛ්‍ය ක්ෂේත්‍රයේ බලධාරීන් මැතිවරණයක් පැවැත්වීමේ සුදුසු වාතාවරණයක් රට තුළ පවතින බවට පැහැදිලි ප්‍රකාශයක් සිදු කර නොතිබියදී මැතිවරණයක් සදහා දින නියම වූයේ කෙසේද යන්න සම්බන්ධයෙන් තමාට ගැටලුවක් පවතින බව හිටපු අමාත්‍ය, එජාප උප නායක රවි කරුණානායක සදහන් කරයි.
එජාපය මැතිවරණවලට බිය නොමැති නමුත් ජනතාවගේ ජීවිත බිල්ලට දී මැතිවරණ ජයගැනීමට තම පක්ෂය කිසිසේත්ම සූදානම් නැති බවද ඔහු පැවසීය.
ඊයේ (22) මැතිවරණ කොමිසමේ සාකච්ඡාවෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු අමාත්‍යවරයා මේ බව සඳහන් කළ අතර සෞඛ්‍ය බලධාරීන් , සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් , මෙන්ම කොවිඩ් මැඩීමේ නියුතු කිසිම වගකිවයුතු පාර්ශ්වයක් මැතිවරණය පැවැත්වීම අනුමත කර නොමැති බව විමසා බැලීමේදී අනාවරණය වූ බවද පැවසීය.
ජන්දයට පෙර ජනතාව ගැන සිතිය යුතු බවත් ජනතාව නොමැති නම් ඡන්දයක් ද නැති බව ඇතැමුන්ට අමතක වී ඇති බවත් හිටපු අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
එක්සත් ජාතික පක්ෂය මැතිවරණ සඳහා මුහුණ දීමට සූදානම් නමුත් ජන ජීවිත අවදානමේ ඇති මේ අවස්ථාව මැතිවරණයක් සඳහා අවස්ථාව නො වන බව තම ස්ථාවරය බව ද හිටපු අමාත්‍යවරයා පැවසී ය. එහිදී ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ ඒ මොහොතේ කොවිඩ් වසංගතය අවසන් කිරීමට සැවොම එක්ව ක්‍රියාකර පසුව මැතිවරණයට යොමුවිය හැකි බවත් ඔහු පැවසීය.

