19 වන ව්‍යවස්ථා සංශෝධනය හරහා මැතිවරණ කොමිසම පූර්ණ ස්වාධීනත්වයට පත් කිරීම හේතුවෙන් ඊට නිදහසේ තීන්දු තීරණ ගැනීමට අවස්ථාව හිමි වී ඇති බවත් එම තත්ත්වය ඉබේ ඇතිවූවක් නොව පසුගිය යහපාලන ආණ්ඩුව සිදුකළ දේශපාලන ප්‍රතිසංස්කරණ වල ප්‍රතිඵලයක් බව මාධ්‍යවේදියකු මෙන්ම දේශපාලන ක්‍රියාකාරිකයෙකු වන මහේෂ් සේනානායක පවසයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන්කල අතර 17 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කර 18 වන ව්‍යවස්ථා සංශෝධනය ගෙනෙමින් පැවති මහින්ද රාජපක්ෂ පාලන සමය තුළ මැතිවරණ කොමසාරිස් සෘජුව විධායක ජනාධිපතිගේ යටතට පත්කර තිබූ බවත් ඔහු සිහිපත් කරයි.
ඒ අනූව 19 සංශෝධනයට පෙර ව්‍යවස්ථාවේ 103 ප්‍රකාරව පැවතියේ නම් මැතිවරණ කොමිසම ස්වාධීන කොමිෂන් සභාවක් බවට පත්නොවී මේ වන විට වසංගතය හමුවේ පවා ජන ජීවිත ගැන නොසිතා මහ මැතිවරණය පැවැත්වීමට ඉඩ තිබූ බවත් ඔහු පෙන්වා දුන්නේය.
"මැතිවරණ කොමිසම පමණක් නොවෙයි , 19 වන ව්‍යවස්ථා සංශෝධනය යටතේ ස්ථාපිත ස්වාධීන කොමිෂන් සියල්ල ව්‍යවස්ථාදායක සභාවේ නිර්දේශ මත තමයි පත්වීම් සිදුවෙන්නේ. මැතිවරණ කොමිසමේ සභාපති සහ එහි සාමාජිකයන් ස්වාධීන සහ දේශපාලන බලපෑම් වලින් මිදී කටයුතු කිරීමේ අවස්ථාව හිමිවෙලා.
මේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පසුබිම ඇතිකර ගත හැකිවීමේ වැදගත්කම අද පාට පක්ෂ භේදයක් නැතිව භුක්ති විඳින්න හැකිව තිබෙනවා " ඔහු පවසයි.
පාර්ලිමේන්තුව භාරයේ තියෙන්නේ අපේම සල්ලි !
" ඒ වගේම අප්‍රේල් 30 ට පසුව රාජ්‍ය මූල්‍ය හැසිරවීම සම්බන්ධව ප්‍රශ්නය මතුවෙලා තියනවා. දැන් ජනාධිපති සඳහන් කළ දිනයට අලුත් පාර්ලිමේන්තුව කැඳවීමට බැරි තත්ත්වයක් තියෙන්නේ. එය පැහැදිලියි. පරණ පාර්ලිමේන්තුව කැඳවන්න බෑ කියලා ජනාධිපති කියනවා. මේක මේ විදියට ඇදගෙන යන්න ඕන ප්‍රශ්නයක් නෙවෙයි.
ඔබ අපේ, සල්ලි තැන් දෙකක තියෙනවා. එකක් අපේ සල්ලි අපි ළඟ තියෙනවා. දෙක අපේ සල්ලි රජය සතුව තියෙනවා සහ එය පාලනය කරන්න අපි පාර්ලිමේන්තුවට පවරලා තියෙනවා. දැන් ඒ ව්‍යවස්ථාවේ සඳහන් ක්‍රියාවලිය ගැන ප්‍රශ්නයක් තියෙනවා නම් ඇයි සියළු දෙනා එක්ව විසඳාගැන්මට විදියක් හොයන්නෙ නැත්තේ.
වසංගතය මැඩීමට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන වෙන්කර ගැනීම ඇතුළු අත්‍යවශ්‍ය තීන්දු තීරණ ගැනීමට පමණක් පාර්ලිමේන්තුව කැඳවීම ප්‍රමාණවත් , ඒහැර මන්ත්‍රී විශ්‍රාම වැටුප්, වෙන වෙන ප්‍රශ්න කවුරුත් අරගෙන එයි කියලා හිතන්න අමාරුයි. ඒ නිසා ව්‍යවස්ථාව උල්ලංඝණය නොකර , ජනතාව පීඩාවට පත්නොකර , දේශපාලන වාද භේද නැතුව , වැරදි සහ නරක පූර්වාදර්ශ නොදී පක්ෂ ජේෂ්ඨයන් , බුද්ධිමතුන් රැස්වී මේ ගැන තීන්දුවක් ගත්තොත් හොඳයි. මේ වෙලාවෙ රටට අවශ්‍ය කොවිඩ් නැසීම මිස වෙන කිසිවක් නෙවෙයි " ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

