බෙදීම් දෙකක් ගැන : මැකොසගේ ප්‍රතිචාර මෙන්න !

බෙදීම් දෙකක් ගැන : මැකොසගේ ප්‍රතිචාර මෙන්න !
රජය ලබාදෙන සහන බෙදීම සඳහා යෝජිත මහ මැතිවරණයට සම්බන්ධ පක්ෂ සහ අපේක්ෂකයන් මැදිහත්වීම වලක්වන්නට මැතිවරණ කොමිසම විසින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත්කර ඇත.
 
ඒ අනූව ඊට අදාළ ලෙස කටයුතු කිරීමට රජයේ සංස්ථා, මණ්ඩල , දෙපාර්තමේන්තු ඇතුළු අංශයන්ට සිදුවේ.
 
අදාළ ගැසට් නිවේදනය පහත දැක්වෙයි.
 
Screenshot 20200423 114840
 
මේ අතර අතර මැතිවරණ කොමිසමේ  විවිධ මත පැවතීම සම්බන්ධව සමාජ මාධ්‍ය ඇතුළු ව සමාජය තුළ මතුව ඇත අවධානයට සිය ෆේස් බුක් ගිනුමේ සටහනක් තබා ප්‍රතිචාර දැක්වීමට මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය කටයුතු කර ඇත.
 
"ඔසුම්, අංගූර් හා ඉනබ්" යන ශීර්ෂයෙන් යුතුව තබා ඇති එම සටහන පහත දැක්වෙයි.
ඔසුම්, අංගූර් හා ඉනබ්
 
මැතිවරණ  කොමෙිෂන් සභාවේ සාමාජිකයන්, එකිනෙකකට වෙනස් මත දරණ නිසා සාමාජිකයන් අතර  මත ගැටුම් හේතුවෙන් එක් අරමුණක සිට ක්‍රියාකිරීමට මැකොසට නොහැකිවී  තිබෙන බව සත්‍යයක් දැයි මාධ්‍යවෙදීහු  හා  දේශපාලන  විචාරකයෝ මගෙන් විමසති . එසේ විවිිධ මත දරන්නේ මක්නිසාදැයි  අසති . මේනිසා  කොමිසම  අක්‍රීය  වනු ඇතැයිද එය කෙරෙහා ජනතා විශ්වාසය  පළුදු වනු ඇතැයිද ප්‍රකාශ  කරති එමෙන්ම  සමාජ ජාලවල  හා සම්ප්‍රදායික  මාධ්‍යවල  මෙවැනි අදහස්  පැතිරෙන බව , ප්‍රචාරය කෙරෙන බව  නිරීක්ෂණය වේ . . එහෙයින් ඒ ගැන යමක්  කිවයුතු යයි සිතමි.
 
අද දින සමාජජාල වැඩසටහනක් සදහා සහ පුවත්පතක් සදහා  මාගෙන් සම්මුඛ  සාකච්ඡා  ලබාගත් මාධ්‍යවේදීහු දෙදෙනාද මෙවැනි   විමසීම් කළහ . ඔවුනට  මා දුන් පිළිතුර  අනුසාරයෙන්   සකසන ලද සටහනක්  පහත සදහන් කරමි.
 
සාමාජිකයන් තිදෙනාම එකම මතයක් දැරිය යුතු  නම්  හා තිදෙනාම සැමවිටම එකම මතයක්  දරන්නේ නම් තිදෙනකුගෙන් සමන්විත කොමිසමක අවශ්‍යතාවක් නැත .එසේ අවශ්‍ය නම් කලකට පෙර ඉන්දියාවේ පැවති  පරිදි  ඒක පුද්ගල කොමිසමක්  හෝ පැරණි ක්‍රමයේ  මැතිවරණ  දෙපාර්තමේන්තුව  පැවතිය යුතුය . 
   අපේ කොමිසමේ  , සාකච්ඡාවලදී බොහෝවිට එකිනෙකට වෙනස් මත ඉදිරිපත්වේ .  එසේවුවද   ඒ කරුණු මත තීරණ ගැනීමේදී   අවස්ථා   ඉතා සුළු  සංඛ්‍යාවකදී  හැර අන් සෑමවිටම එ්කමතික තීරණවලට එළඹීමට අපි සමත්වීමු  ඒ   විවිධ  මත ඉදිරිපත් කළ අවස්ථාවලදී  වුවද  ඒ සෑම කරුණක්ම  ඉදිරිපත්වන්නේ තමන් බලන කෝණයෙන් ප්‍රජාතන්ත්‍රවාදය   හා නීතිමය අවශ්‍යතා  අර්ථ දැක්⁣වෙන පරිදිය .එනමුත්   අවසාන අපේක්ෂාව ජනතා පරමාධිපත්‍යය  සුරැකීමයි .   
 
අප විසින් , මැකෙස පැවත්වූ ඉෆ්තාර් උත්සවයක් වෙනුවෙන් පැවති ආගමික සාකච්ඡාවේදී එයට සහභාගිවූ  ඉස්ලාමයීය   විද්චතකු විසින් විවිිධ  ඇදහිලි හරහා   නමුත් සැවොම යහපත නැතහොත් සුගතිය  පතන බව කියා සිටියේය . ඒසදහා ඔහු ගෙන හැර දැකිවූ  උදාහරණය  පහත දක්වමි .
 
 **** කාන්තාරයක අතරමං වූ තිදෙනෙක්  වතුර පමණක්  අතැතිව    කුසගින්නෙන්  හා විඩාවෙන්  පෙලෙමින්  අැවිදිදිමින් සිටියදි  ක්ෂේම භූමියක මායිමේ ගසක් යටට පැමිණ   වැටී සිටියහ . මොවුන් එකිනෙකා   නොහදුනන විවිධ ප්‍රදේශවලින් පැමිණි  පුද්ගලයන් තිදෙනෙකු නිසා  අදහස් ප්‍රකාශ  කිරීම සංඥා බස ඇසුරෙන් සිදුවූයේලු .  ස්වල්ප  වේලාවකින් එතැනට පැමිණි දේශිය   වැසියකු ඔවුන් ගේ අවශ්‍යතාව  කෑමට යමක් බව පෙනී ගිය බැවින් ඔවුන්ගේ කැමති ආහාරය  දැන ගැනීමට උත්සුක විය .   පළමුවැන්නා ඔසුම් , දෙවැන්නා අංගූර්  හා තෙවැන්නා ඉනබ් යනුවෙන් කීවේලු .    ඒ ඇසූ  දේශිකයා පිටත්ව ගොස් මඳ වේලාවකින්  ඔවුන් අවශ්‍යතාව  සපුරාලීමට ආහරයට ගත හැකි දේ රැගෙන ආවේය . ඔහු ගෙනවිත් තිබුණේ තිදෙනාටම මිදි , මිදි පමණයි .ඒ මක්නිසාදයත්  යත්  ඔසුම් ,  අංගූර් හා ඉනබ් යනු පාසි , තුර්කි හා අරාබි භාෂාවලින් මිදි ගෙඩි සඳහා වූ වචනයි 
   එනම් විවිධ වචනවලින් එකම දෙය ප්‍රකාශ  කිරීමයි . එනම් වචන වෙනස් - පැතුම එකයි *******
   
අපේ කොමිසමද එසේය .  විවිධ මත දරමු   ඒත් එකම අරමුණ වෙනුවෙන් ක්‍රියාකරමු .
   
අප සැමවිටම ජනතාවට පක්ෂතීපාව කටයුතු කරමු  ජනතාවගේ ආරක්ෂාව හා ජනතාවගේ ඡන්ද  අයිතිය වෙනුවෙන්  පෙනී සිටිමු 
COVID 19 ට පරාජය .---ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදය  
ජයවේවා!

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න