අද (22) මේ වන විට මෙරට කොවිඩ් 19 වෛරසය ආසාදනයවූවන් ප්‍රමාණය 321 දක්වා ඉහළ ගොස් ඇත.
ඒ අද දින හදුනා ගෙන ඇති තවත් රෝගීන් එකොලොස් දෙනකු නිසාය.
මෙම 11 දෙනා කළුතර ප්‍රදේශයෙන් මීට පෙර වාර්තා වූ රෝගියකු ගේ ඥාතීන් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඔවුන් මීට පෙර නිරෝධායන කටයුතුවලට යොමු කර තිබී ඇත.
කොළඹ දිස්ත්‍රික්කයට අමතරව වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව වාර්තා වන දිස්ත්‍රික්කය බවට පත්ව ඇත්තේ කළුතර දිස්ත්‍රික්කයයි.
ලෝක තත්ත්වය
එසේම මේ වන විට ලෝක තත්ත්වය සැලකීමේදී කොවිඩ් 19 වෛරසය ආසාදනයවූවන් 2572603 ක් වාර්තා වෙයි.
ලොව පුරා මරණ 178547ක් වාර්තා වන අතර සුවවූ ප්‍රමාණය 701509කි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
