පාස්කු ප්‍රහාරය අවස්ථාවේ - මේ ආණ්ඩුවේ ලොකුම අයත් නිදාගෙන ඉඳලා : අගරදගුරු ආන්දෝලනාත්මක ප්‍රකාශයක !

පාස්කු ප්‍රහාරය අවස්ථාවේ - මේ ආණ්ඩුවේ ලොකුම අයත් නිදාගෙන ඉඳලා : අගරදගුරු ආන්දෝලනාත්මක ප්‍රකාශයක !

පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන විදෙස් රටවලින් පවා තොරතුරු ලැබී තිබියදීත් එම ප්‍රහාර මාලාව වැලැක්වීමට කටයුතු නොකළ එවකට සේනාධිනායකයා ඇතුළු සියලු දෙනාම නීතිය හමුවට පැමිණ වීමේ වගකීමක් ඇති බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමි පවසයි.

පාස්කු ඉරිදා ප්‍රහාරයට වසරක්  සැපිරීම මුල් කරගෙන විශේෂ ප්‍රකාශයක් කරමින් උන්වහන්සේ මේ බව සඳහන් කර ඇත.

එසේම එම ප්‍රහාරවලින් මිය ගිය ජීවිත සමඟ සෙල්ලම් කිරීමට කිසිවෙකුට හෝ ඉඩ දිය නොහැකි බවත් පවසා තිබේ.

මේ අතර මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදුකරමින් උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට කීවා මෙන් පාස්කු ප්‍රහාරය සම්බන්ධව  අලුත් අලුත් අයගේ නම් අයගේ නම් ද එඑළියට  පැමිණෙමින් ඇති නමුත් ඒ අය සම්බන්ධව ක්‍රියාමාර්ගයක් ගන්න බවක් පෙනෙන්නට නොමැති බවයි.

තමන් මීට පෙර සිතා සිටියේ ප්‍රහාරය අවස්ථාවේ නිදාගෙන සිටියේ පහුගිය ආණ්ඩුවේ අය පමණක් බව වුවත් දැන් ඉන්න ආන්ඩුවේ ජන්දය පවා ඉල්ලන ඉතා ලොකු අයගේ නම් පවා  හෙළි වී තිබෙන බවත් පවසයි.

මෙහිදී අග රදගුරු හිමියන් අවධාරණය කරන්නේ පාස්කු ප්‍රහාරය සම්බන්ධව නම් සඳහන් වූ අයගේ පවා සාක්ෂි විමසා විමර්ශන සිදුකළ යුතු බව ය. කෙසේ වුවත් දැනට සිදුවන ආකාරය සම්බන්ධ තෘප්තිමත් විය නොහැකි බවත් උන් වහන්සේ පවසයි.

එමෙන්ම පාස්කු  ප්‍රහාරය මැතිවරණ වේදිකාවට නොගත යුතු බවත් ඒ වන විට එකී විමර්ශන භාරව කටයුතු කළ පොලිස්  නිලධාරීන්  විවිධ  ආකාරයට මාරුකිරීම කරන බවට  දැනගන්න ලැබී ඇති  අතර  ඒ වැරදි ක්‍රියාවක් බව උන්වහන්සේ පවසයි.

මේ සම්බන්ධව විමර්ශන නිසි ලෙස සිදු නොකළොත් තමන් ඇතුළු ජනතාව පාරට බසින බවත් මැතිවරණ තියෙනව ද නැද්ද යන්න අදාල නැති බවත් උන් වහන්සේ පවසයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න