සෞඛ්‍ය බලධාරියා ලිඛිත සහතිකය දෙනවා හෙට වුණත් ජන්දයට සූදානම් - සජිත් (වීඩියෝ )

සෞඛ්‍ය බලධාරියා ලිඛිත සහතිකය දෙනවා හෙට වුණත් ජන්දයට සූදානම්  - සජිත් (වීඩියෝ )

රටේ සෞඛ්‍ය බලධාරීයා විසින්  කොවිඩ් 19 වසංගතයෙන්  රට සුරක්ෂිත බවට  සහතිකයක් ලබා දෙනවා නම් හෙට සිට වුවත් තමන් මහ මැතිවරණයට  සූදානම් බව සමගි ජන බලවේගය නායක , හිටපු  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

ඔහු අද (21) මේ බව සඳහන් කර සිටියේ මැතිවරණ කොමිසමේ පැවැති ප්‍රධාන පක්ෂ නියෝජිත සාකච්ඡා වට සහභාගි වීමෙන් අනතුරුව  මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
 
පොදුජනතාව කොරෝනා  මාරයා වෙත  ගෙන යාමට කිසිසේත් උත්සාහ නොකරන බවත් මැතිවරණ දිනය පූර්ව සෞඛ්‍ය සහතිකයක් ලබා දීමෙන් පසුව සති 5-7 අතර කාලයක මැතිවරණ ව්‍යාපාරයකට ඉඩ තබා පැවැත්විය යුතු බව ද ඔහු පවසයි.
 
කොවිඩ් වසංගතයෙන් රට සුරක්ෂිත බවට සහතිකය  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් ලබලබාදිය යුතු බවත් තමන් එම ඉල්ලීම සිදු කරන්නේ  දිනවමු ශ්‍රී ලංකාවක් වෙනුවෙන් සැනසිල්ලේ මැතිවරණය කිරීමට බව ද ඔව් පවසයි.
 
මිනිසුන්ගේ මළමිනී මතින් දිනවමු ශ්‍රී ලංකාවක් ගොඩ නැගිය නොහැකි බවත් සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස අවධාරණය කර සිටියේය.
 
මෙහි දී ආණ්ඩු විසින් වසංගත තත්ත්වය හමුවේ මැතිවරණය පැවැත්වීමට උත්සාහ කළත් එය යම් කලකට හෝ කල් තබා ගැනීමට සිදු කළ මැදිහත්වීම සම්බන්ධව මැතිවරණ කොමිසමට ස්තුති කිරීමට ද ඔහු කටයුතු කළේ ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න