කොවිඩ් ආසාදිතයින් 310 :සීමා ලිහිල් කරන්න WHO නව නිර්ණායක හඳුන්වා දෙයි !

කොවිඩ් ආසාදිතයින් 310 :සීමා ලිහිල් කරන්න WHO නව නිර්ණායක හඳුන්වා දෙයි !

අද (21) මේ වන විට මෙරට කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 310ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වෙයි.

මේ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ විසින් තහවුරු කර ඇත.

එසේම මේ වන විට ඊයේ (20) පිළියන්දල සහ බොරලැස්ගමුව ප්‍රදේශවලින් හමුවූ කොවිඩ් ආසාදිත රෝගීන් ගේ පවුල්වල සාමාජිකයන් හමුදාව විසින් නිරෝධායනයට යොමුකර ඇති බව හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

ලෝක තත්ත්වය !

එසේම මේ වන විට කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ ලෝක තත්ත්වය විමසීමේදී ලොවපුරා ආසාදිතයින් සංඛ්‍යාව 2503385ක්  වෙයි.

මේ වන විට වසංගතය හේතුවෙන් ලොව පුරා මියගොස් ඇති සංඛ්‍යාව 171796ක් වන අතර සුවපත් වූ ප්‍රමාණය 659457කි.

ලොව පුරා කොවිඩ් ආසාදිතයින් ප්‍රමාණය වාර්තා වෙමින් ඇති ආකාරය සහ මරණ සම්බන්ධව පහත දත්ත  වගු සාක්ෂි දරයි.

Screenshot 20200421 190311

Screenshot 20200421 190334

ලෝක සෞඛ්‍ය සංවිධානයේ නව නිර්ණායක !

මේ අතර කොවිඩ් 19 වසංගතය මැඩීමට  ලොවපුරා රටවල් පනවා ඇති සීමාවන් ඉවත් කිරීමට අද අලව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සලකා බැලිය යුතු නිර්ණායක හයක් හඳුන්වා දී තිබේ.

ඒ අනූව ,

#  පළමුව, එකී රටවල් වෛරසය සම්ප්‍රේෂණයවීම පාලනය කර ඇති බව තහවුරු කරගත යුතුය.

#  දෙවනුව, කොවිඩ්-19 හි සෑම බෝවීමක්ම හඳුනා ගැනීමට, පරීක්ෂා කිරීමට, හුදකලා කිරීමට සහ ප්‍රතිකාර කිරීමට මෙන්ම රොගීන්ගේ සෑම සම්බන්ධතාවයක්ම සොයා ගැනීමට සෞඛ්‍ය පද්ධතිවලට හැකියාව ඇති බව සහතික කරගත යුතුය.

#  තෙවනුව, විශේෂයෙන් සෞඛ්‍ය සේවා ස්ථාන සහ සාත්තු නිවාස වැනි ස්ථානයන්හිදී වලදී වෛරසය පුපුරා යාමේ අවදානම අවම කිරීමට වග බලා ගත යුතුය.

#  සිව්වනුව, රටවල් සේවා ස්ථාන, පාසල් සහ වෙනත් අත්‍යවශ්‍ය ස්ථානයන්හි අසාදනයන් වැළැක්වීමේ පියවර ගත යුතුය.

#  පස්වනුව, වෙනත් රටවලින් අසාදනයවීම් කළමනාකරණය කරගත යුතුය.

#  හයවනුව, එදිනෙදා ජීවිතයේ “නව සම්මතයට” හැඩගැසීමට ප්‍රජාව දැනුවත් කිරීම, සම්බන්ධකර ගැනීම සහ බලගැන්වීම කළ යුතුය. ( lankabrief .org)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න