කොවිඩ් 19 වසංගතය මර්ධනය කිරීම සඳහා සෞඛ්‍ය විද්‍යාත්මක ප්‍රවේශයක් ගන්නවා වෙනුවට රටේ සමස්ථ ජනතාවගේ ජීවිත අනතුරේ දමමින් බල දේශපාලනික ප්‍රවේශයක් යටතේ වත්මන් ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව හිටපු අමාත්‍ය පාඨලි චම්පික රණවක අවධාරණය කර සිටී.
මෙම වසංගත තත්ත්වය පිළිබඳව නිශ්චිත තත්ත්වයන් ලෝකය පුරා පෙබරවාරි මාසය වන විට පැහැදිළිව දැක්වූ බවත්, ඔක්තෝම්බර් මාසයේ සිට වසංගත තත්ත්වය පිළිබඳ නිශ්චිත වාර්තා චීනයේ දක්වා තිබූ බව ද චම්පික රණවක මහතා පෙන්වා දෙයි.
මෙවැනි පැහැදිළි නිශ්චිත වාර්තා සහ තොරතුරු තිබියදීත්, ශ්‍රී ලංකාවේ ගුවන් කොටුපොල වසා දැමීමට වත්මන් ආණ්ඩුව කටයුතු නොකළ බවත්, කොව්ඩ් වසංගතය නොමැති රටක් ලෙස ශ්‍රී ලංකාව නම් කර සංචාරක ප්‍රවර්ධන වැඩපිළිවෙල දියත් කිරීම ආණ්ඩුව විසින් සිදුකළ බව ද හිටපු අමාත්‍යවරයා පෙන්වා දෙයි.
ඔහු මේ බව සඳහන් කර සිටියේ ජාතික සමගි බලවේගය විසින් අද (21) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
එහිදී ආණ්ඩුවේ වත්මන් ක්‍රියාකලාපය පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු අමාත්‍ය චම්පික රණවක ,
මාර්තු 17 වන විට රෝගීන් 28 දෙනෙකු පමණක් සොයාගෙන ඇති නිසා ඡන්දය කල්දැමීමට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බව ජනාධිපතිතුමාම ප්‍රකාශ කර සිටියා. ඒ අවස්ථාවේ මේ වසංගත තත්ත්වයට සෞඛ්‍ය විද්‍යාත්මක ප්‍රවේශයක් ගන්නවා වෙනුවට බල දේශපාලනික ප්‍රවේශයක් ගැනීම නිසා රටේ ජනතාවට මෙවන් තත්ත්වයකට මුහුණ දීමට සිදු විය.
කොව්ඩ් වසංගතය ලංකාවේ අවසන් බව පවසමින් අපේල් 19 න් පසු සුභ ආරංචි රටට දෙනබව පවසමින් මේ නැවතත් කරගෙන යන්නේ, පනවා තිබෙන යම් යම් තහංචි හා නීති රීති ලිහිල් කරන්නෙ, බල දේශශපාලනික වුවමනාවන් මත බලය තහවුරු කරගැනීමයි. නිල වශයෙන් ඇඳිරි නීතිය පැනවීමට හැකි මාර්ග ගණනාවක් තිබියදී ආණ්ඩුව ඒවා අනුගමනය නොකළ බව රංජන් රාමනායක මහතාගේ නඩුවේදී රටටම පැහැදිළි වුණා. දැන් පවත්නා ඇඳිරි නීතිය අපේ රටේ මහජන ආරක්ෂක පනත යටතේ විධිමත්ව ක්‍රියාත්මක කරනු ලැබූ ඇඳිරි නීතියක් නොවෙයි. ඒ බව අප දැන සිටියත් අප ප්‍රශ්න කළේ නෑ. එය අප අගමැතිතුමාගේ මූලිකත්වයෙන් පැවති රැස්වීමේදීත් සඳහන් කළා. එනමුත් රටේ උද්ගතව තිබෙන මෙම ත්ත්වය හමුවේ අප මෙයට විරුද්ධ නොවන බව අප ප්‍රකාශ කලා. අපේ සහයෝගය අප කොන්දේසි විරහිතව ලබාදෙන්න අප කටයුතු කළා.
රාජ්‍ය නිලධාරීන් වෙනුවට දේශපාලනඥයින් යෙදීම අසාර්ථකයි !
වසංගත තත්ත්වයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට තිබුණු හොඳම ක්‍රියාමාර්ගය තමයි ආපදා කළමණාකරණ පනත යටතේ රාජ්‍ය නිළධාරීන් යොදවා කටයුතු කිරීම. නමුත් ආණ්ඩුව සිදු කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්වරයා වන බැසිල් රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් සම්පූර්ණ දේශපාලන ක්‍රියාවලියක් ලෙස ආධාර බෙදීමේ ක්‍රියාවලිය ආරම්භ කිරීම.
බොහෝ ආර්ථික මධ්‍යස්ථාන වල එළවළු පළතුරු විකුණාගැනීමට නොහැකිව කුණුවී අපතේ යන ආකාරය මාධ්‍ය විසින් වාර්තා කළා. නමුත් කොළඹ, ගම්පහ, කළුතර වැනි නාගරික ප්‍රදේශවල අධික මිළ ගණන් යටතේවත් එළවළු සහ පළතුරු ලබාගැනීමට ජනතාවට අවස්ථාව උදා වුණේ නෑ, එයින් පැහැදිළි වෙනව බැසිල් රාජපක්ෂ මහතාගේ කාර්ය සාධන බලකායට මෙම ආහාර ද්‍රව්‍ය බෙදාදීමේ ක්‍රියාවලියවත් විධිමත්ව කරගන්න බැරිවුණ බව.
ඒ වගේම රු. 5,000 ක ආධාර මුදල ලබාදීම සඳහා ග්‍රාම නිලධාරීවරු යෙදවූව ද දේශපාලන අතපෙවීම් නිසා මුලදී ග්‍රාම නිලධාරීන් විරෝධය පාමින් එම වැඩපිළිවෙලින් ඉවත් වුණා. මෙම ක්‍රියාවලිය සඳහා ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයින් යොදවමින් ආණ්ඩුව සම්පූර්ණ දේශපාලන ක්‍රියාවලියක් ගෙනිච්චා. ඒ වගේම අද වන විට භාණ්ඩ විකුණන්න හා ප්‍රවාහනය කරන්න ඇඳිරිනීති බලපත් ලබාදී තිබෙන්නේ දේශපාලකයින්ගේ යාළු හිතමිත්‍රාදීන්ට.
බිලියන 200ක අච්චු ගහපු සල්ලි කෝ !
වත්මන් ආණ්ඩුව මාර්තු 14 වෙනිදා සිට අප්‍රේල් 14 වන දින කාලය තුළ රුපියල් බිලියන 200 කට වැඩිය මුදල් අච්චු ගහල තියෙනවා. එයින් සාමාන්‍ය ජනතාවගේ අවශ්‍යතා වෙනුවෙන් වැය කරල තියෙන්නෙ බිලියන 20 කට ආසන්න ප්‍රමාණයක් පමණයි. ජනතාවට 10% යි බෙදල තියෙන්නෙ.
ඉතිහාසයේ පළමු වතාවට අමෙරිකාවේ තෙල් මිල සෘණ අගයක් ගත්තා. නමුත් ලංකාවේ සෑම ඩීසල් ලීටරයකින්ම රුපියල් 90 ක් , සෑම පෙට්‍රල් ලීටරයකිත්ම රුපියල් 130 ක් ආණ්ඩුව ලාබ ලබනව. ඒ නිසා සැමන් වලිනුයි පරිප්පු වලිනුයි ඒක වහන්න බෑ. මේ ආකාරයට ආණ්ඩුවට මේ අවුරුද්දෙ රුපියල් බිලියන 400 ක් එකතු වෙනව.
හැම තැනකම මේ වගේ ප්‍රශ්න තිබුණත් ජනතාව මුහුණ දී තිබෙන මේ තත්ත්වය හමුවේ අපි නීත්‍යානුකූලව හෝ වෙනත් ආකාරයකින් මේවා ප්‍රශ්න කරන්න ගියේ නෑ. නමුත් අපිට දැන් පැහැදිළියි ආණ්ඩුව බල දේශපලනික ව්‍යපෘතියක් කරනව මිසක් සෞඛ්‍ය නිර්දේශ මත යන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙන්නේ නෑ. ඒ නිසා රටේ ජන ජීවිත අනතුරේ දාන්නෙ නැතිව බල දේශපාලනයෙන් මිදී දැන්වත් සෞඛ්‍ය විද්‍යාත්මක ක්‍රමවේදයකට පැමිණ තීරණ ගන්නා ලෙස අපි ආණ්ඩුවට අවධාරණය කර සිටිනවා.
කොවිඩ් පරීක්ෂණ : දසලක්ෂයට 302 යි !
ප්‍රධාන කාරණය තමයි අපේ රට කොව්ඩ් අඩුවෙන්ම පරීක්ෂා කරපු රටක්. ඊයේ වාර්තාවලට අනුව රටේ දශලක්ෂයකට 302 යි පරීක්ෂා කරල තියෙන්නෙ. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයම පවසපු ආකාරයකට රටතුළ ඉන්නවා ස්පර්ෂකයො 42000 ක්. මේ අයවත් පරීක්ෂා කරන්න කියල අපි ආණ්ඩුවට කියනව. රටේම පරීක්ෂණ 6000 යි කරල තියෙන්නෙ. තමන්ගේම අය යොදවාගෙන කොව්ඩ් මර්දන දර්ශකවල ඉහළට ලංකාව පැමිණි බව පවසමින් මාධ්‍ය සංදර්ශන පැවැත්වීමෙන් ජනතාව මුළාකරල වැඩක් නෑ. මාධ්‍ය නාටක වලින් ජනතාව රවටල වැඩක් නෑ.
ජුනි 20 වන දින මහ මැතිවරණය පැවැත්වීමට තීරණය කර ඇති බව මැතිවරණ කොමිසන් සභාව ඊයේ නිවේදනය කළා. සමගි ජන බලවේගයේ අපිට කලින්ම වාර්තා ලැබිල තිබුණ මේ කඩිනමින් රටේ නීති ලිහිල් කරන්නෙ, සුභාරංචි දෙන්න සූදානම් වෙන්නෙ මැයි මාසෙ අග භාගයේදී මහ මැතිවරණය පැවැත්වීමේ අවශ්‍යතාවය මත කියල. ඒ අනුව අපි ඉල්ලීමක් කළ මැතිවරණය තියන්න එපා, ජනතාවගේ ජීවිත ආරක්ෂා කරගැනීමට මුල් තැනක් ලබාදිය යුතු බවට. දැන් මේ ජුනි 20 මැතිවරණය පැවැත්වීමට යාමෙන් ජනතාවට මේ කොව්ඩ් තත්ත්වයෙන් යම් කරදරයක් වුවහොත් කවුද ඒ සඳහා වගකියන්නේ ? මේ රජය ඒ සඳහා වග කියනවද ? ඒ පිළිබඳව පැහැදිළි තීරණයක් ජනතාවට ලබාදිය යුතුයි.
බලය ලැබුණු පළියට ව්‍යවස්ථාව කඩන්න එපා !
මේ තත්ත්වය යටතේ නිදහස් සාධාරණ මැතිවරණයක් පැවැත්විය හැකිද යන්න පිළිබඳව ප්‍රශ්නයක් තියෙනව. තමන්ට බලය තිබුණු පමණින්, රටේ අර්බුදයක් තිබුණ පමණින්, ව්‍යවස්ථාවට පටහැණිව, නීතියට පටහැනිව ඒ වගේම සමාජ සාරධර්මවලට පටහැනිව ක්‍රියාකිරීම වැරදියි.
අප කිසිම අවස්ථාවක විපක්ෂයක් හැටියට ජනතාව පොළඹවා අනවශ්‍ය ප්‍රශ්න ඇති කිරීමට උත්සහ කළේ නෑ. මේ අවස්ථාවේ අප කටයුතු කළ යුත්තේ මැතිවරණයක් වෙනුවෙන් නොව, ජනතාවගේ ආරක්ෂාව, ජනතාවගේ ජීවිත මුල්තැනේ ලා සලකමිනි. වගකිව යුතු විපක්ෂයක් ලෙස ජාතික සමගි බලවේගයේ මතය එයයි. අපි මෙහිදී විශේෂයෙන් අවධාරණය කරනවා කොව්ඩ් සමඟ රටේ ව්‍යවස්ථාවත්, මූලික මානව මූලධර්මත්, ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මත්, මේ රටේ පිළිගත් සමාජ මූලධර්මත්, සමාජ සංහිඳියාවත් මරා දමන්න අප ඉඩ තබන්නේ නොමැති බව යැයි ද චම්පික රණවක මහතා සඳහන් කර සිටියේය.
එමෙන්ම, 2019 අප්‍රේල් 21 වන දින සිදුවූ අවාසනාවන්ත පාස්කු ප්‍රහාරයට අදට හරියටම අවුරුද්දක් සම්පූර්ණ වන හෙයින් එම අවාසනාවන්ත සිද්ධියට මුහුණ දී ජීවිතය අහිමි වූ සියලුම දෙනාට අපේ ශෝකය පළ කිරීමට මෙය අවස්ථාවක් කරගන්නා බවත්, එම සිද්ධියට මුහුණ දී ආබාධිත තත්ත්වයට පත් වූ සහ සිය ඥාතීන් අහිමි වූ සියළුම දෙනාට ද ජාතික සමගි ජන බලවේගයේ බලවත් කණගාටුව පළ කර සිටින බවද චම්පික රණවක මහතා වැඩි දුරටත් සඳහන් කර සිටියේය.

