මහ මැතිවරණය පැවැත්වීමට නියමිත දිනය තුළ එය පැවැත්වීමට නොහැකි වුව හොත් සිදු කරන්නේ කුමක් ද යන්න ගැන ශ්‍රේෂ්ඨාධිකරණ මතය විමසන ලෙස මැතිවරණ කොමසාරිස් විසින් ජනාධිපති ලේකම් ට දැනුම් දීම, ආණ්ඩුවේ ඇමතිවරුන් විසින් විවේචනය කිරීම කණගාටුවට කරුණක් බව හිටපු ඇමතිනී තලතා අතුකෝරල පවසයි.
"ජීවිත අවදානමට අවධානමට ලක් කර ලබන බලය කුමට ද ?" මැයෙන් සමාජ මාධ්‍ය වෙත වීඩියෝවක් මුදා හරිමින් ඇය මේ බව සඳහන් කරන අතර ව්‍යවස්ථාවේ නිශ්චිතව සඳහන් කර නොමැති දෙයක් සම්බන්ධව අර්ථ නිරූපණය ගත යුත්තේ ශ්‍රේෂ්ඨාධිකරණය ම පමණක් බවත් ඇය අවධාරණය කර සිටියි.
ඒ අනුව මහ මැතිවරණය පැවැත්වීමට නියමිත දිනයේ එය පැවැත්වීමට නොහැකි තත්ත්වයක් මතුව තිබෙනවා නම් ඒ සම්බන්ධව ගත යුතු ගත යුතු ක්‍රියා මාර්ග ඉවසිය යුතු ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණය පමණක් බවත් ඇය පවසයි. තවද හිටපු අමාත්‍යවරිය වැඩිදුරටත් පවසා සිටියේ ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කර නොමැති දෙයක් ගැන තීන්දුවක් ගැනීමට මැතිවරණ කොමිසමට බවත් ඒ බව අර්ථ නිරූපණය කර තීන්දු ගැනීම ශ්‍රේෂ්ඨාධිකරණයේ රාජකාරියක් බවත්ය.
එසේම කොවිඩ් වසංගතය ලංකාවේ ව්‍යාප්ත වෙමින් පවතින අවස්ථාවේ එය කල් තබා මෙරට ජනතාව ආරක්ෂා කර ගැනීමට මැතිවරණ කොමිසමට හැකි වූ බවත් එවැන්නක් කිරීමට අවස්ථාව ලැබුණේ පසුගිය ආණ්ඩුව විසින් 19 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ස්වාධීන ශක්තිමත් කොමිසමක් බිහි කළ නිසා බව ද හිටපු අමාත්‍යවරිය සඳහන් කර සිටියි.
එසේම මෙහිදී කුමන ආකාරයට හෝ මහ මැතිවරණය පවත්වා ගැනීමේ ආණ්ඩුවේ අපේක්ෂාව වෙනුවෙන් ප්‍රසිද්ධියේ පෙනී සිටිමින් කොවිඩ් වසංගතය සහ ඩෙංගු උණ සංසන්දනය කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාලට ද ඇය ප්‍රතිචාර දක්වා සිටියාය.
හිටපු අමාත්‍යවරියක වන තලතා අතුකෝරල විසින් සමාජ මාධ්‍ය වෙත යොමු කළ වීඩියෝව පහත දැක්වේ.

