කොරෝනා ගෝලීය වසංගත තත්ත්වය හමුවේ මැතිවරණ පැවැත්වීම කිසිසේත් ම සුදුසු නොවන බව මහා සංඝරත්නයේ අදහස වී ඇත.
නායක ස්වාමීන් වහන්සේලා 25 දෙනෙකු මැදිහත් ව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරන අතර උන් වහන්සේලා වැඩිදුරටත් සිහිපත් කර දෙන්නේ මෙම වසංගත තත්ත්වය හමුවේ අස්ගිරි මල්වතු විහාර පාර්ශව වල උපසම්පදා පුණ්‍ය කර්ම පවා කල් තබා ඇති බවයි.
මේ සම්බන්ධව මහා සංඝරත්නය නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.



