කොවිඩ් දෙවෙනි රැල්ලක් : ආසාදිතයන් තිස්දාහක් ! සූදානම් වෙන්න - රනිල් දන්වයි

කොවිඩ් දෙවෙනි රැල්ලක් : ආසාදිතයන් තිස්දාහක් ! සූදානම් වෙන්න - රනිල් දන්වයි

කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තවීම  සාර්ථක ලෙස  පාලනය කිරීමට නම් තනි තනි පරීක්ෂණ මෙන්ම පොකුරු   පරීක්ෂණ ද වැඩි වැඩියෙන් සිදුකර කඩිනමින් රෝගීන් හඳුනා ගත යුතු බව හිටපු අග්‍රාමාත්‍ය හා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පෙන්වා දෙයි.

 අද (19) සමාජ මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් යොමු කරමින් ඔහු මේ බව සඳහන් කර සිටින අතර දැනට රටේ සිදු වන්නේ කොවිඩ් පරීක්ෂණ දාහකට අඩු ප්‍රමාණයක් බවත්  නමුත් එම ප්‍රමාණය දිනකට 3000ක්  පමණක් වත් විය යුතු බවත් ඔහු පවසා ඇත.
 
එසේම අනෙක් රටවල මෙන් ම කොවිඩ්  වසංගතයේ දෙවන රැල්ලක් ඇති වීමේ අවදානම බැහැර කළ නොහැකි බවත් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ  ඇතැම් වෘත්තිකයන් පෙන්වා දෙන ආකාරයට මෙරට කොවිඩ්  ආසාදිතයන්  ප්‍රමාණය 30000 ක් පමණ වුවත් ඊට මුහුණ දීමට ද සූදානම් විය යුතු බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල්  වික්‍රමසිංහ අවධාරණය කර ඇත.
 
ඔහු විසින් සමාජ මාධ්‍ය හරහා   නිකුත් කළ අදාළ දැනුම් දීම පහත දැක්වේ.

Screenshot 20200419 163633

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න