ඇඳිරි නීතියට පස්සේ : සුරාසැල් විවෘත වෙන්නේ මෙහෙමයි !

ඇඳිරි නීතියට පස්සේ : සුරාසැල් විවෘත වෙන්නේ මෙහෙමයි !
සිල්ලරට මත්පැන් විකිණීම සඳහා වූ සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන , ඒ ඒ ප්‍රදේශ වල ඇඳිරිනීතිය ලිහිල් කරනු ලබන කාල සීමාවන්ට යටත්ව එකී බලපත්‍ර විවෘත කිරීමට නියමිත වේලාවන් තුළදී පමණක්  නැවත විවෘත කිරීමට අවසර ලබා දී ඇති බව වාර්තා වෙයි.
 
මේ සම්බන්ධව නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් ජනරාල් විසින් නිවේදනයක් නිකුත් කර ඇති අතර " මුදල් , ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් වරයාගේ උපදෙස් පරිදි සුරාබදු කොමසාරිස් ජනරාල් වරයා විසින් ඇඳිරිනීති විධිවිධාන හා සමාජ දුරස්ථභාවය ඇතුළු කොවිඩ් - 19 වැලැක්වීමේ සෙසු ආරක්ෂිත හා සෞඛ්‍ය විධි පිළිපැදීමේ කොන්දේසියට යටත්ව" මෙම අවසරය ලබා දී  ඇති බවත් එහි දැක්වේ.
 
මීට අදාළ සම්පූර්ණ මාධ්‍ය නිවේදනය පහත දක්වා ඇත.

FB IMG 1587283957618

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න