5000 අවනඩුව : සමග ජන බලවේගය මැකොට ලියයි !

5000 අවනඩුව : සමග ජන බලවේගය මැකොට ලියයි !

කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම හේතුවෙන්  පීඩාවට  පත් ජනතාවට ලබා දෙන රුපියල්  5000 දීමනාව ලබා දීමේ ක්‍රියාවලිය දේශපාලනීකරණය වීම සම්බන්ධව සමගි ජන බලවේගය විසින්  මැතිවරණ කොමිසමේ සභාපති වෙත  පැමිණිලි කර ඇත.

සමහර ප්‍රදේශවල මහජන ඇමතුම් යන්ත්‍ර උපයෝගී කර ගනිමින් අයදුම් පත්‍ර බෙදා හැරීමට පියවර ගෙන තිබේ. ආධාර තමාගේ පක්ෂයේ හිතවතුන්ට පමනක් ලබාදෙමින් සැබෑ හිමිකම් ලැබිය යුතු විශාල පිරිසකට දේශපාලනය මත සහනාධාර අහිමිවී ඇති බවත් එහි සඳහන් කර ඇත.
රජයේ මුදල් දේශපාලන අධිකාරිය මගින් බෙදා දුන්නද අවසානයේ එම මුදල් පිළිබද වගකීම පැචරණුයේ ග්‍රාම නිලධාරීන් හා ප්‍රාදේශීය ලේකම් වරයාට බවත් මේ වන විට ඉහත ක්‍රියා වලිය දේශපාලනීකරණය වී ඇති බැවින් ග්‍රාම නිලධාරීන් එම කටයුතුවලින් ඉවත් වී ඇති බව ද අදාළ ලිපියේ සඳහන් කර තිබේ.
 
සමගි ජන බලවේගය විසින් මැතිවරණ කොමිසමේ සභාපති වෙත යොමුකළ සම්පුර්ණ ලිපිය පහත දැක් වේ.

සභාපති 

මැතිවරණ කොමිෂන් සභාව,

සරණ පාර,

රාජගිරිය,

රුපියල් 5000/= දීමනාව

කොරෝනා වයිරසය ව්‍යාප්ත වීම හේතුවෙන් පීඩාවට පත් ජනතාවට ලබා දෙන රුපියල් 5000/= දීමනාව ප්‍රාදේශය ලේකම් වරයාගේ අධීක්ෂණය යටතේ ග්‍රාම නිලධාරීන් මගින් ලබා දීමට පියවර ගෙන තිබුනි. මෙම ක්‍රමවේදය ඕනෑම ආපදා අවස්ථාවකදී රජය අනුගමනය කරන ප්‍රතිපත්තියයි.

එනමුදු රජය වහාම ක්‍රියාත්මක වන පරිදි ග්‍රාම නිලධාරීන් මෙම ක්‍රියාවලියෙන් ඉවත් කොට පොදු ජන පෙරමුණේ ප්‍රාදේශීය මට්ටමේ දේශපාලන අධිකාරියට සහනාධාර බෙදා හැරීමේ ක්‍රියාවලිය බාර දී ඇත.

සමහර ප්‍රදේශවල මහජන ඇමතුම් යන්ත්‍ර උපයෝගී කර ගනිමින් අයදුම් පත්‍ර බෙදා හැරීමට පියවර ගෙන තිබේ. ආධාර තමාගේ පක්ෂයේ හිතවතුන්ට පමනක් ලබාදෙමින් සැබෑ හිමිකම් ලැබිය යුතු විශාල පිරිසකට දේශපාලනය මත සහනාධාර අහිමිවී තිබේ.

සහනාධාර වැඩපිළිවෙල දේශපාලනිකරණය වීමට එරෙහිව ග්‍රාම නිලධාරීන් රජයේ සහනාධාර බෙදා හැරීමේ වැඩපිලිවෙලින් ඉවත් වීමට ද තීරණය කර තිබේ.

ප්‍රාදේශය ලේකම්වරු ඇතුලු සියලු රාජ්‍ය නිලධාරීන් මෙම නිසා විශාල ගැටලුවකට මුහුණ පා ඇත.

රජයේ මුදල් දේශපාලන අධිකාරිය මගින් බෙදා දුන්නද අවසානයේ එම මුදල් පිළිබද වගකීම පැචරණුයේ ග්‍රාම නිලධාරීන් හා ප්‍රාදේශීය ලේකම් වරයාටයි.

රාජ්‍ය මුදල් රෙගුලාසි මැතිවරණ නීති පවා උල්ලංගනය වන මෙම ක්‍රියාවලිය නතර කිරීමට ක්‍රියාමාර්ගයක් ගන්නාමෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

රංජිත් මද්දුමබංඩාර

මහලේකම්

සමගි ජන බලවේගය


පිටපත         1    සිරිපාල හෙට්ටිආරච්චි,

      ලේකම්, 

      රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය

2     සියලුම දිස්ත්‍රික් ලේකම්වරු/ තේරීම්භාර නිලධාරී වරු 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න