ඇප ලැබූ අයට ජනපති කාර්යාලයේ සාකච්ඡා නැත්නම් : ජනාධිපතිට ලේකම්ට වගේම ගොඩක් අයට සාකච්ඡා නෑ - රංජිත්

ඇප ලැබූ අයට ජනපති කාර්යාලයේ  සාකච්ඡා නැත්නම් : ජනාධිපතිට ලේකම්ට වගේම ගොඩක් අයට සාකච්ඡා නෑ - රංජිත්
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමග සමගි ජන බලවේගය පැවැත් වූ සාකච්ඡා සම්බන්ධව  ආණ්ඩුවට සම්බන්ධ මාධ්‍ය කිහිපයක් ජනතාව නොමඟ යවන බවක් පෙන්නුම් කරන බව සඳහන් කරමින්  ඊට ප්‍රතිචාර දැක්වීම ට සමගි ජන බලවේගය කටයුතු කර ඇත.
 
 එම නිවේදනයේ අවධාරණය කර ඇත්තේ ආණ්ඩු හිතවාදී මාධ්‍ය කිහිපයක් විසින් ජනපතිවරයා සමඟ සමඟ පැවැති සාකච්ඡාවට සමගි  ජන බලවේගය හී සිටින ඇප ලබා ඇති අයට සහභාගිවීමට ජනපතිවරයාගේ පාර්ශ්වයෙන්  අවසර නොලැබුණු බව ප්‍රචාරය කළත් එය සාවද්‍ය බව ය.
 
එසේ ම සමගි ජන බලවේගය නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ අදාළ සාකච්ඡාව සඳහා පක්ෂයේ නායකයා ලෙස සජිත් ප්‍රේමදාස සහ  මහ ලේකම් ලෙස රංජිත් මද්දුම බණ්ඩාර ඊට සහභාගි වීම ප්‍රමාණවත් බව පක්ෂය විසින් තීන්දු කරනු ලැබූවක් බව ය.
 
පක්ෂයේ තීන්දු අනුව ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාව  යොදා ගත් බවත් ඊට ජනාධිපති කාර්යාලය ලිපිනය ලැබුණෙ අප්‍රේල් 6 බවත් එසේ පැවති සාකච්ඡාවක් සම්බන්ධයෙන් සාවද්‍ය ප්‍රචාර යැවීම  බංකොලොත් දේශපාලන උවමනාවක් සහ  අතිශයින්ම විසුළු සහගත පදනම් විරහිත කරුණක් ලෙස එම නිවේදනය සඳහන් කර ඇත.
 
එසේ එහි වැඩිදුරටත් පවසා ඇත්තේ ඇප ලැබූවන්ට එම රැස්වීම තහනම් වනවානම් අතිගරු ජනාධිපතිවරයාත්,ඔහුගේ පුද්ගලික කාර්ය මණ්ඩලයේ බොහෝ දෙනෙකුත්,ජනාධිපති ලේකම්වරයා ඇතුලු විශාල පිරිසකුත්,අගමැතිවරයා ඇතුලු කැබිනට් මණ්ඩලයේ බොහෝ දෙනෙකුත් නඩු කටයුතු සහ ඇප වලට මුහුණ දුන් අයවලුන් බවය.
 
 තව ද පදනම් විරහිත හිතලු මත පිහිටා ස්වකීය බංකොලොත් තර්ක ගෙනහැර පාමින් කරනු ලබන මිත්‍යාව වැපිරීම පිළිබඳව සමගි ජන බලවේගයේ අප්‍රසාදය පල කරන අතර ශිෂ්ටසම්පන්න මාවතෙහි පිහිටා කටයුතු කරන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටින බවත්  සමගි ජන ජන බලවේගය නිවේදනයේ සඳහන් කර ඇත.
 
අදාළ නිවේදනය නිකුත් කර ඇත්තේ සමගි ජන බලවේගය  මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර විසිනි.
 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න