කොරෝනා ආසාදිතයින් ගේ පළමු සම්බන්ධතාවට (first contact) අයත් වන පුද්ගලයන් සියල්ල කොරෝනා පරීක්ෂාවට ලක් කරන තුරු රටේ ආර්ථික ක්‍රියාවලිය නැවත පටන් ගැනීමේ සැලසුම ගැන තීරණ නොගන්නැයි රජයට අවධාරණය කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන් ගේ සංගමය (GMOA) පවසයි.
'ද මෝර්නිං' (The morning) පුවත් පත කළ විමසීමකදී එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවින් ද සොයිසා මෙම අවධාරණය කර ඇති අතර, රටේම තත්ත්වය නිවැරදි ලෙස තක්සේරු නොකොට රටේ ආර්ථික ක්‍රියාවලිය නැවත පණ ගැන්වීම නොකළ යුතු බව ද පෙන්වා දී තිබේ.
'ද මොර්නිං' (The morning) පුවත් පතේ එම ප්‍රධාන සිරස්තලය යටතේ පළ කර ඇති එම ප්‍රවෘත්තියට අදාල වෙබ් පිවිසුම පහත දැක්වේ.
Recommencing economic activities in the country Govt. urged to test first contacts
රට පුරා තත්ත්වය තක්සේරු කළ යුතු ආකාරය පිළිබඳ අදහස් දක්වන වෛද්‍ය නවීන් ද සොයිසා පෙන්වා දෙන්නේ, "මුලින්ම දැනට හමුවූ රෝගීන්ගේ පළමු සම්බන්ධතාව ( first contact ) කොරෝනා පරීක්ෂාවට ලක් කරන්න ඕනේ. ඒ ප්‍රතිපල අනුව ඊළගට තීරණය කරන්න ඕනේ දෙවන සහ තෙවන සම්බන්ධකම් වලට අදාල පුද්ගලයන්වත් කොරෝනා පරීක්ෂාවට ලක් කරනවද කියලා.
පෙරේදා (15) පැවති රැස්වීමකදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සියලුම පලාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්ට දැනුම් දුන්නේ රටේ කර්මාන්ත, කෘෂිකර්ම සහ ව්‍යාපාරික කටයුතු නැවත ආරම්භ කිරීමට සුදුසු ද යන්න පිළිබඳව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් මාර්ගයෙන් තමා වෙත නිර්දේශ ඉදිරිපත් කරන ලෙසයි.
එහිදී ජනාධිපතිවරයා පවසා ඇත්තේ පලාත් මට්ටමින් සුදුසු සෞඛ්‍ය අංශ නිර්දේශ නොමැතිව තමා තීරණයක් නොගන්නා බවත්, වර්තමාන තත්ත්වය පිළිබඳ නිවැරදි තක්සේරුවක් ගැනීමට දැන් අවස්ථාව උදාවී ඇති බවත්, එයින් ලැබෙන තොරතුරු මත ඉදිරි සැලසුම් සකස් කළ හැකි බවත්ය.

