මහ මැතිවරණය පැවැත්වීම පිළිබඳව විවිධ මත පළවෙමින් තිබෙන සහ අනෙක් පසින් කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තවීම වළක්වා ලීම සඳහා ඇඳිරි නීතිය පනවා ඇති පසුබිමක අමාත්‍ය බන්දුල ගුණවර්ධන විසින් සංවිධානය කළ සංගීත සංදර්ශනයක් සම්බන්ධව තොරතුරු වාර්තා වෙයි.
දේශපාලනඥයකු වන නිරෝෂන් පාදුක්ක විසින් මේ සම්බන්ධ අනාවරණයක් වීඩියෝ සාක්ෂියක් ද සහිත ව සිය ෆේස් බුක් ගිණුම වෙත එක් කර ඇත.
එහි සඳහන් වන්නේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ විරෝධය ද නො සලකමින් බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා විසින් මත්තේගොඩ නගරයේ සංගීත සංදර්ශනයක් (කන්ටේනර් ස්ටේජ් ) පවත්වා ඇති බව ය.
මැතිවරණයක් කැඳවා ඇති පසුබිමක සහ විශේෂයෙන් ම ගෝලීය වසංගත තත්ත්වයක් හේතුවෙන් එකී නීතිය පනවා සමාජ දුරස්ථ භාවය වැඩි වශයෙන් පවත්වා ගැනීමට උත්සාහ දරන මොහොතක සිදු කළ මේ ක්‍රියාව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රියගේ සහ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ගේ අවධානය යොමු කරමින් නිරෝෂන් පාදුක්ක සිය face book සටහන තබා ඇත.
එම ෆේස්බුක් සටහන පහත දැක් වේ.

කොළඹ දිස්ත්‍රික්කය නම් කර ඇත්තේ කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තවීම සම්බන්ධව අධි අවදානම් කලාපයක් ලෙස ය. එවැනි ප්‍රදේශයක මෙ වැන්නක් සංවිධානය කිරීම කිසිසේත් ම අනුමත කළ නොහැකි අතර ඇඳිරි නීතිය පවා පනවා ඇති අවස්ථාවක එය උල්ලංඝනය කිරීමක් බවත් අමුතුවෙන් කිව යුතු නැත.
යම් ආකාරයකින් මෙම කටයුත්ත සිදු කරනු ලැබුවේ ජනතාවගේ චිත්ත ධෛර්යය ධෛර්ය නැංවීමට නම් එහිදී සිදු කළ යුතුව ඇත්තේ මීට පෙර කොළඹ දිස්ත්‍රික්කයේ අත් දැකීම් අනුව යමින් ආරක්ෂක අංශයේ සංගීත කණ්ඩායමක් හෝ වෙනත් දේශපාලන ගැති භාවයක් නොමැති ආකාරයට එය සිදු කිරීම ය.
නමුත් මෙහිදී සිදුව ඇත්තේ බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයාගේ දේශපාලනය සම්බන්ධ ව කරන ප්‍රවර්ධන කටයුත්තකි. මිනිසුන් එක් පසෙකින් ජීවිත අවදානමේ තිබිය දී එය රැක ගැනීමට ප්‍රවේසම් වෙද්දි අනෙක් පසින් හා ආර්ථික හැකියාව මුළුමනින්ම අහෝසි වෙමින් යන පසුබිමක ඒ කිසිවක් නොතකමින් අමාත්‍යවරයෙකුට තම දේශපාලන ප්‍රතිරූපය නංවා ගැනීම ප්‍රධාන කටයුත්ත බවට පත් ව ඇත.
මෙහි හොඳ නරක අමුතුවෙන් කිව යුතු නැත.

